Colombo Today Local News

එජාප ආසන 75 ක් ගත්තොත් මගේ වම් කන කපා ගන්නවා – මුතුහෙට්ටිගම කියයි

එක්සත් ජාතික පක්‍ෂය විසින්ම සිය පක්‍ෂය තුල ඇති කරගෙන ඇති අර්බුද නිසා මහ මැතිවරණයේදී ඔවුන් අන්ත පරාජයකට පත්වෙන බවත් එම පක්‍ෂය ආසන 75 ක් ගත්තොත් තමාගේ වම් කන කපා දමන බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසිය.

හෙතෙම මේ බව පැවසුවේ ගාල්ල මකුළුව සිය නිවසේදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

එහිදි තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“ සජිත් ප්‍රේමදාස මහත්තයට සන්ධානයේ නායකත්වය ලබාදුන්නට එතුමට පක්‍ෂය ඇතුලේ කිසිම බලයක් නැහැ. එක්සත් ජාතික පක්‍ෂයට විරුද්ධ කණ්ඩායම ඉන්නේ එක්සත් ජාතික පක්‍ෂය ඇතුලෙමයි. ඒ පක්‍ෂය තුල ඇතිවෙලා තියෙන අර්බුදය නිසා පාක්‍ෂිකයෝ කලකිරිලා ඉන්නේ.

ඒ නිසා ජනාධිපතිවරණයේදී ගත්ත ජන්ද ප්‍රමාණයවත් මෙවර එයාලට ලැබෙන්නේ නැහැ. ඕනෑ නම් ආසන 60 ක් විතර ගනිවී. මම හොදටම විශ්වාසයි ඔවුන්ට ආසන 75 ක් නම් කොහොමවත් ලබාගන්න බැහැ. ආසන 75 ක් ගත්තොත් මම මගේ වම් කණ කපා ගන්නවා.

අපේ පක්‍ෂය ඇතුලේ කිසිම අර්බුදයක් නැහැ. මාධ්‍ය වලින් තමයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණයි ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය අතරේ අර්බුද තියෙනවා කියන්නේ. අපේ පක්‍ෂ දෙකම හොද අවබෝධයෙන් කටයුතු කරන්නේ. පක්‍ෂ දෙක සන්ධාන ගතවෙලා මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ නායකත්වයෙන් මැතිවරණයට ඉදිරිපත් වෙනවා.

මේ වනවිට අපි ජනතාව මුණගැසෙමින් පක්‍ෂ ක්‍රීයාකාරින් දැනුම්වත් කරමින් මැතිවරණයට සුදානම් වෙමින් ඉන්නේ. ඕනම මොහොතක මැතිවණයකට මුහුණ දෙන්න අපි සුදානම් කොන්දේසි සිමාවන් කඩඉම් නැතිව වැඩ කරන්න අපි ලැහැස්තියි” යැයි පැවසිය.

Related posts

අමරවීර කාල්ටන් නිවසට.. පොහොට්ටු-ශ්‍රීලනිප ලොක්කො රහස් කතා

colombotoday

මාලිමාවට වැඩ කළ චන්දරේට වැඩ බලන නිලමේකමක් දීලා

Admin

65ක කාන්තාවක් පොල් අතු නිවසක පිලිස්සි මියයයි

Admin

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස්ට වෙනත් තනතුරක් – රේගු වෘත්තීය ක‍්‍රියාමාර්ගය අවසන් වෙන ලකුණු

colombotoday

රනිල් සජිත් එක්විය යුතුයි

Admin

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Admin