Colombo Today Local News

එක සිංහල පවුලක් හරි මුලතිව් පදිංචි කළහොත් මැරෙනතුරු උපවාස කරනවාලු…

මේ වන විට මුලතිව් දිස්ත්‍රික්කයට අයත් නොවන සිංහල පවුල් 7000ක් මුලතිව් දිස්ත්‍රික්කයේ පදිංචි කොට සිටින නිසා මීට වඩා එක් පවුලක් හෝ බලහත්කාරයෙන් පදිංචි කළහොත් එයට එරෙහිව මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව රවිහරන් මන්ත්‍රිවරයා ප්‍රකාශ කරයි.

උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රි ටී. රවිහරන්  (29දා) මුලතිව් පළාතට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් විසින් නඟන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මේ බව පැවැසීය.

රවිහරන් මන්ත්‍රිවරයා කියන්නේ රජයට අවශ්‍යව ඇත්තේ උතුරේ සිංහල ඡන්ද දායකයන් සංඛ්‍යාව වැඩි කොට සිංහල පුද්ගලයන්ට පාර්ලිමේන්තුවට යවා උතුරේ දෙමළ දේශපාලන බලය යටපත් කිරීමට බවයි.

මේ අවශ්‍යතාව ඉටු කර ගැනීම සඳහා මහවැලි යෝජනා ක්‍රමය ඉත්තකු වශයෙන් රජය භාවිත කරන බව ප්‍රකාශ කරන රවිහරන් මන්ත්‍රිවරයා, ජනාධිපතිවරයා පසුගියදා යාපනයේදී මොරගහකන්ද ජලාශයේ ජලය උතුරට ලබාදෙන බව කියා සිටියේද සිංහල ජනාවාස ඇති කිරීමේ එක් පියවරක් වශයෙන් බවද පැවැසීය.

රජයේ මහවැලි වතුර සමඟ උතුරට කල්ලතෝනි සිංහල වැසියන් පැමිණෙන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මීට වසර තුනකට පමණ ඉහතදී පළාත් සභාවේ සැසි වාරයකදී කියා සිටි අවස්ථාවේදී සියලු දෙනාම සිනාසුණත් මේ වන විට සිදුවෙමින් පවතින්නේ ඒ දේම බව කී රවිහරන් මන්ත්‍රිවරයා ඊට අවස්ථාවක් දීමට දෙමළ ජාතික සන්ධානය කිසිසේත්ම සූදානම් නැති බවද කියා සිටියේය.

 

Related posts

ගාල්ල මකුළුලුවේදී මෝටර් රථයක් දුම්රියක ගැටෙයි – එකම පවුලේ 6ක් රෝහලට

colombotoday

දේශබන්දුට පහරදුන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

බන්ධනාගාරයට කලිසම් වාටියක සඟවා මත්කුඩු ගෙන යෑමට තැත්කළ එක්දරු මවක් අත්අඩංගුවට

colombotoday

වීරකුමාර, පියසිරි සහ සෙනෙවිරත්න ට වරෙන්තු

colombotoday

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ධූරයෙන් ඉවතට

colombotoday

අමරපුර සංඝසභාවේ වැඩබලන උත්තරීතර මහනායක හිමිත් ලේකම් හිමිවරු ඊයේ දැක්වූ අදහස් ප්‍රතික්ෂේප කරති

colombotoday