Colombo Today Local News

එක රටක් තුළ තිබිය හැක්කේ එක් නීතියක් පමණයි – ගෝඨාභය රාජපක්ෂ

නඩු ඉක්මනින් අවසන් කිරීමට කටයුතු කළ යුතු බවත් එක රටක් තුළ ක්‍රියාත්මක විය හැක්කේ එක් නීතියක් පමණක් බවත් හිටපු ආරක්ෂක ලේකම්, ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවැති නීතිඥ හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. ඊයේ (31දා) මෙම හමුව පැවැත්වමිනි.

“නඩුකර හැකි ඉක්මනින් අවසන් කිරීමට සෑම ප්‍රයත්නයක්ම ගත යුතුයි. නඩුකරයන් අවම වියදමින් අවසන් කරගත හැකි පරිසරයක් ගොඩ නැගිය යුතුය. නීති පද්ධතිය දූෂණයෙන් තොර  විය යුතුය.

නීතිය කඩිනමින් පසිඳලන්නට දැනට ඇති අධිකරණ හා විනිසුරුවන් ප්‍රමාණවත්ද යන්න අපට විමසා බලන්නට සිදු වෙනවා. නීතියේ ප්‍රමාදයන් වැළක්වීමට කෙටිකාලීන මෙන්ම දීර්ඝ කාලීන විසඳුම් සොයන්නට අපට සිදු වෙනවා. ඒ අතර යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, දේශීය හා විදේශීය පුහුණුව මෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීමට සහය වන ආයතන ප්‍රතිව්‍යුහ ගත කිරීමද ඇතුළත් වෙනවා. 

අපේ රටේ සංවර්ධනයේ ඉදිරි පිම්මක් සඳහා තාක්ෂනය බහුලව භාවිතා කිරීමට අප අදහස් කරනා නිසා සිංගප්පුරුව වැනි රටවල ක්‍රියාත්මක වන ඩිජිටල් තාක්ෂණය සහිත අධිකරණත් අපට ක්‍රම ක්‍රමයෙන් හඳුන්වාදෙන්න පුළුවන්. 

අපට ජාතික ආරක්ෂාව හා ආර්ථික සංවර්ධනය ඉතා වැදගත් වෙනවා. ජාතික ආරක්ෂාව ගැන කතා කරනා විටත් නීතියේ ආධිපත්‍යය ඉතා වැදගත් වෙනවා. එක රටක් තුළ ක්‍රියාත්මක විය හැක්කේ එක නීතියක් පමණයි.

නීතිය හැමට සමානව ක්‍රියාත්මක විය යුතුයි. පුරවැසියා හැමවිටම නීතිගරුක විය යුතුයි, නමුත් පුරවැසියා නීතිය ක්‍රියාත්මක කරන  ආයතන වලට හා පුද්ගලයන්ට බය නම් එහි ගැටලුවක් තිබෙනවා. නීතියේ ආධිපත්‍ය ගැන කතා කරණා විට අපි මතක තබා ගත යුතුයි නීතිය ක්‍රියාත්මක කරණ ආයතන හා පුද්ගලයනුත් නීතියට යටයි කියනා බව.

නීතිය සැමට සමානය යන උත්තරීතර සංකල්පය අභියෝගයට ලක් කරමින් රජයේ ඉහල නිලධාරීන් නීතිය නමන හැටි කියනවා පසුගිය කාලයේ ජනතාව මාධ්‍ය වලින් දුටුවා.

කාලීන ජාතික  අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි  ව්‍යවස්ථා සංශෝධනය, යල්පැනගිය නීති රීති  යාවත්කාලීන කිරීම, මැතිවරණ නීතිවල වෙනස්කම් වැනි නීති ප්‍රජාවේ සහාය අවශ්‍ය කරන වැඩකටයුතු රාශියක් අප ඉදිරියේ තිබෙනවා. ඒ සඳහා ඉදිරියේදී නීති විශාරදයන්ගෙන් මෙන්ම  ඒ ඒ ක්ෂේත්‍රයන්ට අදාළ විද්වතුන්ගේ සහාය ලබාගන්නට  අපි කටයුතු කරනවා.” 

Related posts

වෙසක් සතිය අහෝසියි…

colombotoday

පොදු ප්‍රවාහන සේවා අද සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි

colombotoday

ශ්‍රී ලංකාවත් ISIS ඉලක්කයක්.. ත්‍රස්ත ජාලය මේවනවිටත් ස්ථාපිත කරලා – ඇමරිකානු අධ්‍යයන ආයතනයක් හෙළි කරයි

colombotoday

ලොතරැයි හබයෙන් ආණ්ඩුව දෙදරයි.. ජනපති දැඩි තීරණයක !

colombotoday

අදත් පාර්ලිමේන්තුවේ ගිනි ඇවිළෙන ලකුණු… ආරක්ෂාව තරකරයි… අතිරෙක බලඇණි කැදවයි….

colombotoday

ඇඳිරි නීතිය පනවා තිබියදී අත්අඩංගුවට ගත් වාහන නැවත හිමිකරුවන්ට ලබාදීමට තීරණයක්

colombotoday