Colombo Today Local News

උතුම් වප් පුර පොහොය අදයි…

උතුම් වප් පුර පසළොස්වක පෝහෝ දිනය අදට (24) යෙදී තිබේ.

සත්වන වස් කාලය ගතකිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කෙරූ බුදුන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සංකස්පුරයට වැඩමකිරීම,
සැරියුත් හිමියන් ප්‍රඥාලාභී භික්‍ෂූන් අතර අග්‍රස්ථානය ලැබීම,ථුපාරාමයෙදි විනය පිටකය සංඝායනා කිරීම ඇතුළු විශේෂිත සිදුවීම් ගණනාවක් අද වැනි පොහෝ දිනක සිදුවී ඇති බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

ඊට අමතරව මාතෘ දිව්‍යරාජයන්ට අභිධර්මය දේශනාව සිදුකර සෝවාන් ඵලය ලබාදීම, මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගෞතම බුද්ධ ශාසනයෙහි පැවිදිවීම, අනුලා දේවිය ඇතුලු කුල කතුන් පැවිදිබිමට ඇතුලත් කිරීමට සංඝමිත්තා තෙරණිය ඇතුළු භික්ෂුණී සංඝයා සමඟ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීමට දූත පිරිසක් දෙවනපෑතිස් රජු විසින් දඹදිවට පිටත්කර හැරීම යන සිද්ධීන් දඅද වැනි පෝහෝ දිනක සිදු වී ඇත.

Related posts

කිරිබත්ගොඩ වේලාව වැරදියි

colombotoday

මුලතිව්වට කාලගුණ විද්‍යා කාර්යාලයක්..

colombotoday

ජනපතිගේ තටු කපා විධායක බලය අගමැතිට දෙන ජවිපෙ ගෙනා 20වැනි සංශෝධනය මෙන්න

colombotoday

සහරාන්ගේ සමීපතමයෙකු කටුපොත දී කොටුවෙයි.

colombotoday

පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධීන් ගැන සෙවීමට කථානායකගෙන් විශේෂ කමිටුවක්

colombotoday

බෝක්කුවකින් ඇලකට වැටී පුද්ගලයක් මරුට

Admin