Colombo Today Local News

ඉසුරුපාය හෙට සිට යලි විවෘතයි

කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු හඳුනාගැනිම හේතුවෙන් තවකාලිකව වසාදැමූ “ඉසුරුපාය” හෙට (05)දින සිට යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ ආයතන පරිශ්‍රය විෂබීජහරණය කිරීමෙන් අනතුරුව යළිත් විවෘත කිරීමට තීරණය කළ බවය.

“ඉසුරුපාය” පරිශ්‍රයේ පිහිටි අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙකුට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනය වී ඇති බව ඊයේ(03) දිනයේ වාර්තාවීමත් සමග එම පරිශ්‍රය තවකාලිකව වසාදැමිමට බලධාරින් පියවර ගත්තේය.

එම ආසාදිත නිලධාරියාගේ ආශ්‍රීතයින් 6 දෙනෙකු නිරෝධායනයට යොමුකර ඇති අතර පසුගිය දිනවල එම පරිශ්‍රයේ අඩු සේවක සංඛ්‍යාවක් රැඳීසිටීම හේතුවෙන් අශ්‍රිතයින් ඇත්තේ අඩු පිරිසක් බව අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය.

Related posts

CIDය හිටපු ජනපතිගෙන් කට උත්තරයක් ඉල්ලයි…

colombotoday

සෞඛ්‍ය බලධාරීන් හදිසි සාකච්ඡාවක

colombotoday

ෆේස්බුක්, වට්ස්ඇප් තහනම් කර, හානිය අඩු කරගන්නා හැටි අපි ලෝකෙටම ආදර්ශයක් දුන්නා – අගමැති කියයි

colombotoday

ඉන්ධන මිල ඉහළ නැංවිමට එරෙහිව නාවලපිටිය උණුසුම් – මාර්ගයයත් අවහිර කරයි.(Video)

colombotoday

උත්සව සමයේදී සතොසෙන් අඩුවට සහල්

colombotoday

විජේදාස කියූ දේ හරියයි..! ‘ඊ නිව්ස්‘සඳරුවන් අල්ලන්න ඉන්ටර්පෝල් වරෙන්තුවක්

colombotoday