Colombo Today Local News

ඉස්ලාම් ආගමට අපහාස කළ ලාංකීකයින් තිදෙනෙකුට ඩුබායි අධිකරණයෙන් දඩ

සමාජ මාධ්‍ය ඔස්සේ ඉස්ලාම් ආගමට අපහාස කිරීම සම්බන්ධයෙන් වු චෝදනාවකට වරදකරුවන් වු ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට ඩුබායි අධිකරණයක් විසින් දඩ නියම කර තිබේ.

ඒ අනුව එක් පුද්ගලයෙකුට ඩිරාම් ලක්ෂ පහ බැගින් දඩ මුදලක් ගෙවන ලෙස ඩුබායි අධිකරණය නියෝග කර ඇති අතර එය මෙරට මුදලින් රුපියල් කෝටි දෙකහමාරකට ආසන්න බව වාර්තා වෙයි.

ඩුබායි තරු පංතියේ නිවාඩු නිකේතනයක ආරක්ෂක අංශයේ සේවය කළ පුද්ගලයින් තිදෙනෙකුට මෙම දඩ මුදල නියම වී ඇති අතර එම දඩ මුදල ගෙවීමෙන් අනතුරුව ඔවුන් එරටින් පිටුවහල් කිරීමට නියෝග කර ඇති බව සඳහන් වෙයි.

ඉන්ස්ටර්ග්‍රෑම් සහ ෆේස්බුක් ඔස්සේ ඉස්ලාම් ආගමට අපහාස වන ආකාරයෙන් වාර්තා පල කිරීම පිළිබඳව අදාල පුද්ගලයින් තිදෙනාට එරෙහිව ඔවුන් සේවය කළ ආයතනයේ මහජන සම්බන්ධතා නිලධාරියෙකු විසින් පොලීසියට පැමිණිල්ලක් කර තිබුණි.

ඒ අනුව ඩුබායි අල් බර්ෂා පොලීසිය විසින් පසුගිය වසරේ මැයි මස 19 වන දින ඔවුන්ට එරෙහිව ඩුබායි අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

එල්ල වී ඇති චෝදනාවලට වරද පිළිගත් විත්තිකරුවන් තම සමාජ මාධ්‍යවල නුසුදුසු පණිවිඩ සහ ඡායාරූප පළ කළ බවට පාපොච්ඡාරණය කර තිබේ.

මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් මෙතෙක් අභියාචනා ඉදිරිපත් වී නොමැති බවයි ඩුබායි මාධ්‍ය වාර්තා කර ඇත.

Related posts

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

Admin

“හිලරි ක්ලින්ටන්ට ජය පතා දේව කන්නලව්වක් කරනනවා.. ඇය දිනුවොත් අපි ගොඩ“ ශිවාජිලිංගම්

colombotoday

“විධායකය අහෝසි කරනවානම් ව්‍යවස්ථාව ගැන සාකච්ඡාවට සූදානම්..” ඒකාබද්ධයෙන් අගමැතිට කොළ එළි

colombotoday

සයිනොෆාම් එන්නත් තොගයෙන් මාත්‍රා 125,000 ක් දිස්ත්‍රික්ක 3ක ජනතාවට වෙන් කරයි

colombotoday

මුස්ලිම් නිවසක සඟවා තිබූ පෙට්‍රල්, ඩීසල්, නීතිවිරෝධී සිගරට් තොගයක් සොයාගනී

colombotoday

කැලණි ගඟේ ජල මට්ටම අඩු වෙයි.. කාලගුණේත් හොඳ අතට හැරෙන ලකුණු

colombotoday