Colombo Today Local News

ඉන්දීය කොරෝනා රෝගීන් දහස් ගණනක් ලංකාවට පනින්න බලන් රාමේෂ්වරම් වෙරලේ..

කොරෝනා රෝගය ආසාදනය වූ ඉන්දීය ජාතිකයන් නීති විරෝධී අයුරින් මුහුදු මාර්ග ඔස්සේ බෝට්ටුවලින් මෙරටට ඇතුළු වීමේ අවදානමක් ඇති බවට බුද්ධි අංශ අනතුරු අඟවයි.

මෙම පිරිස් මුහුදු මාර්ග ඔස්සේ මන්නාරම, යාපනය, හලාවත, පුත්තලම වැනි ප‍්‍රදේශවලින් මෙරටට ඇතුළු වීමට ඉඩ ඇති බව ද බුද්ධි අංශ කියා සිටියි.

කොරෝනා රෝගය ඉන්දියාව පුරා ඉතා තදින් ව්‍යාප්ත වෙමින් යන අතර රෝගය ආසාදනය වූ පුද්ගලයන්ට නිසි ප‍්‍රතිකාරයක් නොලැබෙන බව ද වාර්තා වෙයි.

එමෙන්ම කොරෝනා රෝගය තදින් ව්‍යාප්ත වීම නිසා ඉන්දීය ජාතිකයන් වැඩි පිරිසකට රැකියා අහිමි වී ඇති අතර ආහාර, ඇඳුම් වැනි මූලික අවශ්‍යතාවන් පවා සපුරා ගැනීමට නොහැකිව ලක්ෂ ගණනක් ජනතාව දැඩි පීඩාවට ලක් වෙමින් සිටිති.

මේ හේතුව නිසා අසරණ තත්ත්වයට පත්ව සිටින ඉන්දීය ජාතිකයන් බෝට්ටුවල නැඟී ශී‍්‍ර ලංකාවට ඇතුළු වීමට උත්සාහ කරන බවට තොරතුරු ලැබී ඇති බව ද බුද්ධි අංශ ආරංචි මාර්ග කියා සිටියි.

ශී‍්‍ර ලංකාව තුළ ඉතාම සාර්ථක අන්දමින් කොරෝනා රෝගය පාලනය කරන තත්ත්වයක සිටියදී මේ ආකාරයට එම රෝගය ආසාදනය වූ පුද්ගලයන් රටට ඇතුළු වුවහොත් බරපතළ තත්ත්වයක් උදාවනු ඇති බව ද බුද්ධි අංශ ආරංචි මාර්ග පවසයි.

Related posts

සයිටම් ගැන තීන්දුවකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රැස්වෙයි

colombotoday

වියදම් සහ ණය ගැනීම් නීත්‍යානුකූලදැයි සොයා බලන්න. සමගි ජන බලවේගය විගණකාධිපතිගෙන් ඉල්ලයි

colombotoday

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 3ක් අතහැරීමට තීරණය කරයි

Admin

සෞඛ්‍යාරක්ෂිත උපදෙස් උල්ලංඝනය කරන්නන්ට නීතිය දැඩි වෙයි

colombotoday

තවුහිද් ජමාද් සංවිධානයේ දේශන පැවැත්වු ගම්පොල නිවසක් වටලයි

colombotoday

ඉස්සරහට යන්න නම් කරන්නම ඕන වෙනසක් ගැන මහේල කියයි…

colombotoday