ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඇඹිලිපිටියේ නගරයේ පැවැති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ. පුළුල් සන්ධානයක් යටතේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවයි මහින්ද රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.