Colombo Today Local News

ඇවන්ගාඩ් ව්‍යාපාරය විනාශ කළාට මිලියන 840ක් වන්දි ගෙවන්න වෙයි.. අධිකරණයෙන් තීන්දුවක්

අන්තර් ජාතික නීතියට අනුකූලව ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමට රුපියල් මිලියන 840ක වන්දි මුදලක් ගෙවන ලෙස සිංගප්පූරු සියැක් (SIAC) බේරුම්කරණ අධිකරණය රක්නා ලංකා ආරක්ෂක සංගමයට නියෝග කර තිබේ.

නීත්‍යානුකූලව පවත්වාගෙන ගිය ව්‍යාපාරයක් කඩා කප්පල් කිරීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් මැරිටයිම් සමාගම විසින් රක්නා ලංකා ආරක්ෂක සංගමයට එරෙහිව ජත්‍යන්තර නීතිය යටතේ මෙම නඩුව පවරා තිබිණි.

මේ සම්බන්ධයෙන් ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගෙන් අප කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ සිය සමාගම නිත්‍යානුකූලව පවත්වාගෙන ගිය ව්‍යාපාරයක් නීතයානුකූල නොවන ආකාරයෙන් පවරා ගැනීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 2300 ක වන්දියක් ඉල්ලා ශ්‍රී ලංකා නාවික හමුදාවට එරෙහිවද නඩු පවරා තිබෙන බවයි.

කෙසේවුවද, මෙසේ ලැබෙන වන්දි මුදල් බැංකු ගිනුමක තැන්පත් කර නීත්‍යානුකූල නොවන පවරා ගැනීම හේතුවෙන් රැකියා අහිමිවූ ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමේ සේවකයින්ට මාසිකව දීමනාවක් ලෙස ගෙවීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.

 

Related posts

කාබනික පොහොර ගැන කින්න යුද හමුදාවත් එක්වෙයි

colombotoday

සරත් ෆොන්සේකාට වාරණ නියෝගයක්

Admin

ඇමති අර්ජුනත් හිට්ලර් පාලනයක් ඉල්ලයි

colombotoday

“ගෙවල්කඩාල්, හන්දිකඩාල්.. ඉතිහාසයේ මහා හමුදා පාවාදීම කර ඇත්තේ කමල් ගුණරත්නයි“ – මංගල කියයි

colombotoday

හිරුණිකාත් රනිල්ට එරෙහි වෙයි..

colombotoday

බැඳුම්කර මගඩියට අදාළ දුරකතන දත්ත සටහන් 100ක් ඉහළ නියෝගයෙන් මකා දමලා !

colombotoday