Colombo Today Local News

ඇලෝසියස් ඇතුළු 08කට මහාධිකරණයෙන් ඇප

මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ නඩුවේ විත්තිකරුවන් අට  දෙනෙකුට අද(19) අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන අයගෙන් සමන්විත කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවනු ලැබූවේය.

එහිදී නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ දස වන විත්තිකරු ලෙස නම් කර සිටින අජහාන් ගාර්දිය පුන්චිහේවා යන විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔවුන් වෙනුවෙන් කිසිදු නීතිඥවරයකු ද පෙනී සිටියේ නැත.

ඉන් අනතුරුව අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකරුවන් අට දෙනාට චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් රුපියල් ලක්ෂ 10 බැගින්වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේය. 

Related posts

හිටපු ජනපති මහින්ද සිංගප්පූරු යයි

colombotoday

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

විදුලිය බිඳ වැටීමේ කමිටු වාර්තාව අද අමාත්‍යවරයා වෙතට

colombotoday

නායයෑම් අවදානම් ස්ථානවලින් ඉවත් නොවන පුද්ගලයින්, බලය යොදා ඉවත් කරනවා

colombotoday

ඇමති සජිත්ට දැන් කරන්න බැරි දේ ගැන ඥානසාර හිමි කියති

colombotoday

කජීමා වත්තෙ ගින්න ගැන හොයන්න කමිටුවක්

colombotoday