Colombo Today Local News

ඇමති හකීම්ට එරෙහිව පරීක්ෂණ පවත්වන්න දෙන්නේ නෑ. තලතාගෙන් ගෝරනාඩු

අමාත්‍ය රවුෆ් හකීම් මහතාට එරෙහිව කැබ්නට් මණ්ඩලයේ සාමුහික වගකීම කඩ කළැයි යනුවෙන් කිසයම් වූ පරීක්ෂණයක් ඉටු පැවැත්වීමට ඉඩ නොදෙන බව අධිකරණ ඇමතිනී තලතා අතුකෝරාළ මහත්මිය පවසයි.

පෙරේදා (20) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව පැවැසීය.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට මෙවර ජනාධිපති අපේක්ෂකම ගන්නා බවත් විධායක ජනපතිධුරය අහෝසි කිරීම මේ අවස්ථාවේදී සුදුසු නොවන බවත් ඇය සඳහන් කළාය.

“අද වන විට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වෙලා තියෙනවා අපි සියලු දෙනාම ඡන්දයකට ලෑස්ති වෙලා ඉන්න වෙලාවක විධායකය අහෝසි කරන්න මේ වෙලාවේ අපි කැමති නැහැ.අපි මේ ජනාධිපතිවරණයට යන්නේ ඉතා කැමැත්තෙන් අපිට අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන්.විධායකය මේ වෙලාවේ අහෝසි කරන්න යන එකට එක්සත් ජාතික පෙරමුණේ සුළු පක්ෂත් විරුද්ධයි.

අපි කැබ්නට් රැස්වීමට කලින් අරලියගහ මන්දිරයේදී අමාත්‍යවරු රැස් වුණා.එතනදිත් අපි විරුද්ධ වුණා.ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණු අමාත්‍ය මණ්ඩල රැසිවීමේදීත් අපි ඒකට අමාත්‍යවරු කිහිප දෙනෙක් හැර අනිත් අමාත්‍යවරු විරුද්ධ වුණා.

අපි විධායකය අහෝසි කරන එක ගැන මේ ජනාධිපතිවරණයෙන් පස්සේ ප්‍රකාශයට පත් කරන්නම්.දැන් මේ වෙලාවේ ඒකට අවස්ථාව නෙමෙයි කියන එකයි අපේ අදහස.

ඊයේ අපි කැබිනට් මණ්ඩලයේදී මේකට දැඩිව විරුද්ධ වුණා.අනික විධායකය ඉවත් කරන්න නම් තුනෙන් දෙකක බලයක් ඕන .මේ වෙලාවේ ඒක ලැබෙන්නේ නැහැ.කවුද මේක ගෙනාවේ කියලා නම් අපි දන්නේ නැහැ.”

Related posts

බෑයක මිලට සතොස හරහා පොල් ගෙඩියක්ම වෙලදපලට

Admin

මහ මොළකරුවන් පෝළිමේ කැදවයි.. මලික් – කබීර් අද.. අගමැතිත් ළගදීම කොමිසම හමුවට !!

colombotoday

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට, බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයේ යෝජනා

colombotoday

මාධ්‍ය නිදහස උපරිමයි ! මැදපෙරදිග වෙබ් අඩවිය ශ්‍රී ලංකාව තුළ අවහිර කරයි

colombotoday

කන්දකාඩුවෙන් පැන ගිය රැඳවියෙක් මරුට

Admin

පක්‍ෂව 159යි… විපක්‍ෂව 52යි… අයවැය සම්මතයි

colombotoday