Colombo Today Local News

ඇමති මංගලට විරෝධය පා මාතර මහනගර සභාවේ ‌පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු විරෝධතාවක

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට විරෝධය පළ  කරමින් මාතර මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු අත් වල කලු පටි පැලඳ විරෝධතා පා ගමනකින් අද (11) මාසික සභා රැස්වීමට සහභාගි විය.

විශේෂයෙන්ම මංගල සමරවීර මහතා පසුගියදා සිදු කල ආන්දෝලනාත්මක ප්‍රකාශ ජාතිවාදය ඇති වීම සඳහා හේතු වු බවට ඔවුන් චෝදනා කලහ.

විශේෂයෙන්ම එම මන්ත්‍රීවරු මුදල් අමාත්‍යවරයාට එරෙහි සටන් පාඨ කියමින් මාතර මහ නගර සභාවේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වී විරෝධතා බැනරයක් ප්‍රදර්ශනය කරමින් රැස්වීම් ශාලාවට ඇතුළු වූහ.

මෙහිදී අදහස් දැක්වු නාගරික මන්ත්‍රී මලිදු ගජධීර මහතා මෙසේ කීය.

“පසුගිය කාලය පුරාවටම මංගල සමරවීර ඇමතිවරයා ජාතිවාදය අවුස්සවන ප්‍රකාශ රැසක් සිදු කලා. අද නවතියි කියා බලන් හිටියත් ඔහු දිගින් දිගටම මහා සංඝරත්නයට අපහාස කරමින් ආගම්වාදය ඇති කරන්න කටයුතු කළා.

ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවන බව කියා ජාතිවාදය වපුරන ලද මංගල සමරවීර ජාතීන් අතර සුහදතාවය පෙන්වන්න කියා විරෝධතා පවත්වනවා. මේක මහ විහිලුවක්. ඒ වගේම කාදිනල්තුමාට අපහාස කරනවා. ඔහුගේ මේ ජාතිවාදී ප්‍රකාශ තවම නතර කර නැහැ. සාමාන්‍ය මිනිසෙකු එවැනි ප්‍රකාශයක් කලා නම් මේ වෙනකොට හිරේ දාලා. ඒත් මංගලට මේ රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ. අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා  මේ ඇමතිවරයාගේ වාග් ප්‍රහාර නතර කරලා ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. එම ප්‍රකාශ අපි පිළිකුලෙන් හෙළා  දකිනවා.”

Related posts

විද්‍යාපීඨවලට සිසුන් ඇතුලත් කරගැනීමට අයදුම්පත් කැදවයි

Admin

එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ කාල සීමාව මාස තුනකින් දීර්ඝ කෙරේ.

colombotoday

මංගල සමරවීර, ලන්ඩන් ඊළාම් ඩයස්පොරාව ඉදිරියේ නැවතත් හමුදාව පාවා දෙයි !

colombotoday

වැලි ටැක්ටරයකට හමුදාවෙන් වෙඩි

colombotoday

ප්‍රමිතියෙන් තොර, වාර්තාවලින් ප්‍රතිෂේප කළ කිසිදු ඉන්ධන ගොඩබෑමට අවසර නැහැ – ඇමති කංචන කියයි

Admin

මහින්ද අයවැය ඡන්දයට නොආ හේතුව ගම්මන්පිල කියයි

colombotoday