මෙරට ආර්ථික වර්ධන වේගය 1.6% දක්වා පසු බැස ඇති බව මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කියා සිටියේය.
2019 පලමු කාර්තුවේ දී ආර්ථික වර්ධන වේගය 3.7% ක් ලෙස පැවතුන ද එය දිගටම පසුබෑමක් පෙන්වන බවද ඔහු සඳහන් කළේය.
මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
2015 වසරේ සිට අඛණ්ඩව පසුබෑමක් මෙරට ආර්ථික වර්ධනය පෙන්නන්න බව මහ බැංකු වාර්තා සඳහන් කරයි. 2018 වසරේ ආර්ථික වර්ධන වේගය පැවතුනේ 3.2% ලෙසයි.