Colombo Today Local News

ආප්ප න්‍යායෙන් විශ්වාසභංගයට සහය දෙන්න – ගම්මන්පිල එජාප මන්ත්‍රීලාගෙන් ඉල්ලයි

ආප්ප න්‍යාය අනුගමනය කරමින් අගමැතිට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සහයෝගය දක්වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මන්ති‍්‍රවරුන්ට පවසන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර උදය ගම්මන්පිල මහතා පැවසීය.

මේ දිනවල එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රීවරුන්ට විවිධ තනතුරු ලබා දෙමින් සල්ලි බෙදා දීමක් සිදු කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

‘පුංචි ඡන්දයෙන් රටේ 71% ක් වු රටේ ජනතාව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මත කර තියෙනවා. මේ දිනවල අග‍්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය දිනා ගැනිමේ ලිපියක් අත්සන් ගනිමින් පවතිනවා.

ඒ සඳහා පක්ෂයේ තනතුරු සහ සල්ලි මිටි ගණන් මන්ති‍්‍රවරුන්ට ලබා දෙනවා. ඒ දෙන දේවල් අරගෙන 4 වැනි දා රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව පැවත්වෙන විශ්වාසභංග යෝජනා ඡන්ද විමසීමේදී ආප්ප න්‍යාය අනුගමනය කරමින් ඡන්දය පාවිචිචි කරන ලෙස මම එක්සත් ජාතික පාක්ෂිකයෙන්ගෙන් ඉල්ලනවා.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ දී ඊයේ (23) පැවැති උත්සවයකට සහභාගී වෙමිනි.

Related posts

වියදම කෝටි 175යි.. ඔස්ට්‍රේලියාවෙන් රෝගී කිරි හරක් තොගයක් ගෙන්වීමට සැරසේ… හරක් හොරකමේ තවත් කොනක් එළියට…

colombotoday

ඇමතිලාට නිල නිවාස නෑ

Admin

බැදුම්කර බෑණා මහබැංකුව සමග තවමත් ගණුදෙණු.. කෝප් සභාපතිගේ අපේක්ෂා භංග වෙයි !

colombotoday

‘‘බෝන් එගේන්’’ (“Born again”) මූලධර්මවාදී ආගමට යටවුනු ශ්‍රී ලංකා ක්‍රිකට්

colombotoday

හදුනා නොගත් උණක් පැතිරෙයි

Admin

මධ්‍යම පළාත් පුස්තකාල සේවා මණ්ඩලයේ නව සභාපතිවරයා වැඩ භාර ගනී

colombotoday