Colombo Today Local News

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය වෙනස් වෙයි.. අලුත් ක්‍රමය මෙන්න

korean examදකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රමිකයන් බඳවා ගැනීමට පවත්වන කොරියා ප්‍රවීණතා විභාගය මේ වසරේ සිට නොපවත්වන බවත් එය ඔන්ලයින් ක්‍රමයට (online) පවත්වන බවත් කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ මෙරට අධ්‍යක්ෂ චෙංග්හෝ ජින් සඳහන් කළ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය නිවේදනය කරයි.

2004 වර්ෂයේදී කොරියානු රැකියා සඳහා භාෂා ප‍්‍රවීනතා ලිඛිත විභාගය ආරම්භ වූ අතර එය නොකඩවා වසර 11 ක් පවත්වා තිබේ.

මේ වසරේ සිට ශී‍්‍ර ලංකාව ඇතුළු රටවල් 4ක ඔන්ලයින් ක‍්‍රමය යටතේ මෙම විභාගය පවත්වන බවද චෙංග්හෝ ජින් මහතා සඳහන් කරයි. කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් හඳුන්වා දෙන මෙම ඔන්ලයින් විභාගයේදී ලකුණු ලබා දීමේ ක‍්‍රමයද වෙනස් වී තිබේ.

ඒ අනුව භාෂා හැකියාව පිළිබඳ පරීක්‍ෂණය ඔන්ලයින් ක‍්‍රමය යටතේ පවත්වන අතර ඊට අමතරව හැකියා පරීක්ෂණයක්ද ප‍්‍රායෝගිකව සිදු කරනු ලබයි. අපේක්ෂකයින් ස්ථානීය ලකුණු ක‍්‍රමය යටතේ තෝරාගනු ලබයි. ඒ අනුව මෙවර පවත්වන විභාගයේ දී කර්මාන්ත අංශයේ රැකියා සඳහා ඔන්ලයින් ක‍්‍රමය යටතේ ලකුණු 100 ක් හා හැකියා පරීක්ෂණයේදී ස්ථානීය ලකුණු 100 උපරිම වශයෙන්ද එසේම ධීවර හා ඉදිරිකිරීම් අංශයේ රැකියා සඳහා ඔන්ලයින් ක‍්‍රමය යටතේ ස්ථානීය ලකුණු 90 ක්ද හැකියා පරීක්ෂණය ස්ථානීය ලකුණු 110 ක්ද වශයෙන් ලබා දෙයි.

මීට අමතරව ඉහත රැකියා අංශ තුන සඳහා අමතර හැකියා ලකුණු 5 බැගින් ලබා දෙයි. කර්මාන්ත අංශයට ලබා දෙන මුළු ස්ථානීය ලකුණු ප‍්‍රමාණය 205 වන අතර ධීවර හා ඉදිරිකිරීම් අංශය සඳහා ලබාදෙන ස්ථානීය ලකුණු ප‍්‍රමාණය 205කි. පැරණි ලිඛිත ක‍්‍රමයේ අඩුපාඩු මඟහරවා ගනිමින්, නව ක‍්‍රමය යටතේ වඩාත් කාර්යක්‍ෂමව හා වඩා සාධාරණීය අයුරින්, නව ක‍්‍රමය යටතේ විභාගය පවත්වන අතර, එහිදී විභාග අපේක්‍ෂිතයින්ගේ වැඩකිරීමේ හැකියාව, කාලය, ශාරීරික යෝග්‍යතාව ඇතුළු කරුණු ගණනාවක් කෙරෙහි අවධානය යොමුකෙරේ.

ශාරීරික හැකියාව නොමැතිවීම, වර්ණ හඳුනාගැනීමේ අපහසුතාවය, අංග විකලතාව ඇති අය මෙම නව ක‍්‍රමයේදී විභාගය සමත් නොකෙරේ. විභාගයේදී ලකුණු ලබාගත් අය කෙරෙහි වැඩි අවධානය යොමුකෙරෙන අතර ඔන්ලයින් විභාගයේදී භෞතික ශාරීරික හැකියාව ජාතික විභාග සහතික හා රැකියා පළපුරුද්ද කෙරෙහි විශේෂයෙන් සළකා බැලෙයි.

පරිගණක ආශ‍්‍රිතව පවතින ඔන්ලයින් විභාගය සඳහා එකවර අපේක්‍ෂිතයින් 35-40ත් අතර පිරිසකට පෙනී සිටිය හැකි අතර, විභාගය දින කිහිපයක් පවත්වනු ලබයි. ඒ අනුව විශාල පිරිසකට විභාගයට පෙනීසිටීමේ අවස්ථාව හිමිවේ. මෙම නව ක‍්‍රමය පිළිබඳව අපේක්‍ෂකයින් දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණ කිහිපයක් මෙරට කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් දිවයිනේ ප‍්‍රදේශ රැසක පසුගිය දිනවල පවත්වා තිබේ.

Related posts

ආරක්ෂක තත්ත්ව සමාලෝචනය අමාත්‍ය මණ්ඩල අනුමැතියට

Admin

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නීතිපතිවරයාගේ නිරීක්ෂණයට

colombotoday

ඇමති පියල්ගේ වැටුප පරිත්‍යාග කරන්න බෑලු

colombotoday

නව ත්‍රස්ත විරෝධී පනත ගැන අධ්‍යනයට නීතිඥ සංගමයෙන් කමිටුවක්..

Admin

අගමැති සමග ඇතැයි කියන ආරවුල ගැන මහ බැංකු අධිපතිගෙන් පණිවුඩයක්

colombotoday

ෆාතිමා බණ්ඩාරගම පොලීසියට කළ පැමිණිල්ල ගැන විමර්ශන අරඹයි

colombotoday