Colombo Today Local News

අසික්කිත හිරු නාලිකාව වර්ජනය කරන්න. – බුද්ධාගමට නිග්‍රහකල මංගල ඉල්ලයි

හිරු රූපවාහිනිය තමා දකින්නේ කළු සල්ලි සුදුකරන ව්‍යාපාරයක් ලෙස බවත් බොරු ප්‍රචාරය කරමින් අසික්කිත ජනමාධ්‍ය කලාවක නියෙලෙමින් සිටින බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
කෙසේ වෙතත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර ක්‍රියාකරන සමයේ රජයේ මාධ්‍ය වෙතින් ඉතා පහත් ලෙස පුද්ගලයන් ඉලක්ක කර දැඩි මඩ ප්‍රහාර එල්ල විය. ඒ පිළිබඳව කිහිප වරක් ජනාධිපතිවරයාගේ විවේචනයටද ලක් විය.

සිරස ආයතනයට ගිනි තබවුවා වගේ හිරු ආයතනය තමා ගිනි නොතබන බවත් අසික්කිත මාධ්‍ය කලාව නවත්වන්න හිරු වර්ජනය කරන ලෙසට තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් මංගල සමරවීර මෙහිදී ප්‍රකාශ කර සිටියා. කෙසේ වෙතත් සිරස නාලිකාවට ගිනි තැබූ බවට චෝදනා එල්ලවූ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මේ වනවිට එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය පළකරමින් ඔහුගේ දේශපාලන ප්‍රචාරණ වේදිකාවේ ප්‍රධාන කථිකයෙකු වී සිටිනවා.

අමාත්‍ය මංගල සමරවීර පසුගිය කාලයේ අසික්කිත ලෙස බුද්ධාගමට සිදුකල පහර දීම් මෙරට ජනතාව දැඩි ලෙස පිළිකුල් කරන ලද අතර සමහර වෙහෙර විහාරස්ථාන වෙත මංගල සමරවීර අමාත්‍යවරයාට පැමිණීමද භික්ෂුන් වහන්සේලා විසින් තහනම් කර ඇත.

Related posts

ඊළම ඉල්ලීම යුක්ති සහගතයි – චන්ද්‍රිකා පාසල් ළමුන්ට කියයි (Video)

colombotoday

ඉන්ධන මිල සංශෝධනයක් අද

Admin

ඌව වෙල්ලස්ස සරසවි ආචාර්ය සංගමය විරෝධයක

Admin

විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයන් ගෙන්වීම තාවකාලිකව අත්හිටුවයි.

colombotoday

මහා නාහිමිවරුන්ට අවනම්බු කළ අගමැතිවරයා ගැළපෙන්නේ චිත්‍රපටයකටයි

colombotoday

නාඩු කියා ආනයනය කර ඇත්තේ බාස්මතී-කෝටි ගාණක වංචාවක්?

Admin