Colombo Today Local News

අලුත් ව්‍යවස්ථාවෙන් උතුර නැගෙනහිර ඒකාබද්ධ ස්වයං තීරණ අයිතිය ඕනෑ..- TNA

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් විය යුත්තේ උතුරු හා නැගෙනහිර පලාත් ඒකාබද්ධ කර එහි ජනතාවට ස්වයං තීරණ අයිතිය ලබා දෙන ආකාරයෙන් බව දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් මහතා සඳහන් කරයි.

එසේ සකස් කරන ලද ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කරන්නේ නම් ආණ්ඩුවට සහාය ලබා දීමට සලකා බැලිය හැකි බව ද මන්ත්‍රීවරයා පවසයි.

ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් විය යුත්තේ මෙරට සියලු ජන කොටස්වල අනන්‍යතාවය රැකෙන පරිදි බවද ඔහු කියා සිටියේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ 20 වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු ලෙසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සම්මත වී ඇති 30-1 යෝජනාවේ අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකාව් ඉවත් වීමට නිවේදනය කර තිබීම ඉතාම කනගාටුදායක තත්ත්වයක් බවද ඔහු තවදුරටත් පැවසීය.

එවන් තීරණයක් පිළිගත නොහැකි බවත් එවන් තීරණයක් දැනුම් දිය යුත්තේ මානව හිමිකම් කවුන්සලය බවත් ඔහු සදහන් කරයි.

Related posts

අරාබියේ සංචාරයකට ජනපතිට ආරාධනා !

colombotoday

ස්කෑනර් යන්ත්‍රයක් භාවිතයෙන් පුරාවස්තු සෙවූ 6ක් STF දැලේ

colombotoday

ජනපති රනිල් ඉන්දියාවේ දෙදින නිල සංචාරයක

Admin

බදුර්දීන් යහපාලන සෙවණේ රැකවරණ ලබද්දී කැලෑ පාලුවෝ අල්ලන්න ජනපති ත්‍රිවිධ හමුදාව යොදවයි

colombotoday

ලංකාවේ කුඩා දරුවන් පැවිදි කිරීම තලේබාන් පන්නයේ ඉතා සාහසික ක්‍රියාවක්- මංගල

colombotoday

උද්ඝෝෂණ, වර්ජන මඩින්න ෆොන්සේකා යටතේ විශේෂ බළකායක් !

colombotoday