World

අමෙරිකාව යළි ඇවිලෙයි.. දරුවන් තිදෙනා බලා සිටියදීම පියාට පොලිසියෙන් වෙඩි පිට වෙඩි (PHOTOS)

29 හැවිරිදි කලු ජාතිකයෙකුට සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන් අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක මේ වන විට යළිත් වරක් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ වී තිබේ.

ජෙකොබ් බ්ලේක් නම් 29 හැවිරිදි මෙම කලු ජාතිකයාට Wisonsin ප්‍රාන්තයේ පිහිටි Kenosha පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදෙනෙකු විසින් වෙඩි ප්‍රහාර 07ක් එල්ල කොට තිබුණේ ඔහුගේ දරුවන් තිදෙනා ඉදිරියේදීය.

මෙම කලු ජාතික පුද්ගලයාට පොලිසියෙන් වෙඩි තැබීමට පෙර ඔහු සහ පොලිස් නිලධාරින් අතර යම් පොර බැදීමක් සිදුව ඇති බව ඇසින් දුටු සාක්ෂි ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා හෙළිකර සිටින්නේ.

බ්ලේක් හට පොලිසියේ නිලධාරින් වෙඩි තබා ඇත්තේ ඔහු පොලිස් නිලධාරීන්ගේ ග්‍රහණයෙන් මිදී සිය වාහනයට ගොඩවීමට උත්සහ දරන අවස්ථාවේදී බවයි මේ වන විට අන්තර්ජාලයට එක්ව තිබෙන වීඩියෝ දෙකකින් හෙළිව ඇත්තේ.

පොලිසිය විසින් මෙම වෙඩි ප්‍රහාරයන් එල්ල කරන විට ජෙකොබ් බ්ලේක් ගේ වයස අවුරුදු 8,5 සහ 03 වන වියේ පසුවන දරුවන් තිදෙනා වාහනයේ සිට සියල්ල දැක තිබෙන බවට හෙළිව තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් පසුව බ්ලේක් මේ වන විට රෝහල් ගත කොට ඇති අතර ඔහුගේ ඉනෙන් පහළ කොටස අප්‍රාණික තත්ත්වයට ලක්ව ඇති බවට වෛද්‍යවරුන් නිගමනය කර ඇත.

දිගින් දිගටම පොලිසියෙන් සිදුවන ආසාධාරණකම් වලට එරෙහිව මේ වන විට අමෙරිකාවේ නගර රැසක විරෝධතා දියත්ව තිබේ.

Related posts

වැඩිම කොරෝනා රෝගීන් හමුවන රටවල් අතර ඉන්දියාව 12 වැනි තැන

colombotoday

අධික උණුසුමින් කැනඩාවේ ලිටන් ගම්මානය ගිනිබත් වෙයි

colombotoday

හමාස් නායකයාගේ නිවසට ප්‍රහාර

Admin

ඉන්දීය රංගන ශිල්පී මනෝ බාලා අභාවප්‍රාප්ත වෙයි

Admin

සභාග සාමාජිකයින්ට එරෙහි මෑත ප්‍රහාරයන්ට ඇමරිකාවෙන් ප්‍රතිචාර.. හමුදා ඉලක්ක දෙකකට ගුවන් ප්‍රහාර

colombotoday

හෙෆසාත්-ඊ-ඉස්ලාම් බංග්ලාදේශයේ හින්දු ගම්මානයට පහර දී කොල්ල කති.

colombotoday