Colombo Today Local NewsUncategorized

අමෙරිකානු පුරවැසිකම අත්හැරීම: ලියකියැවිලි ප්‍රසිද්ධ කරන්න ගෝඨා සැරසෙයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීම තහවුරු කරමින් අමෙරිකානු රජය නිකුත් කළ සියලු නිල ලියැවිලි ලබන 11දාට පෙර ප්‍රසිද්ධියට පත් කිරීමට තීන්දු කර ඇත. ඒ අනුව අගෝස්තු මස දෙවැනි සතියේදී මෙකී සියලු ලිපි ලේඛන ජනතාවගේ දැනගැනීම පිණිස ප්‍රසිද්ධ කෙරේ. ගෝඨාභය ඇමෙරිකානු පුරවැසිකම අත්හැරීම පිළිබඳව ප්‍රචාරය වන අසත්‍ය ප්‍රචාරවලට පිළිතුරක් ලෙස මෙම ලේඛන ප්‍රසිද්ධියට පත් කෙරෙන බව විපක්ෂනායක කාර්යාලය පවසයි.

සිංගප්පූරුවේ වෛද්‍ය ප්‍රතිකාර ලද රාජපක්ෂ මහතා ඉදිරි දෙසතිය කිසිදු දේශපාලන කටයුත්තකට සහභාගි නොවී විවේකයෙන් ගත කිරීමට තීන්දු කර ඇත්තේ වෛද්‍ය උපදෙස් අනුවය. අගෝස්තු මස 11දා නිල වශයෙන් ඒකාබද්ධ විපක්ෂය සහ පොහොට්ටුව නියෝජනය කරන අපේක්ෂකයා ලෙස ඔහු නම් කිරීමෙන් පසු ඉදිරි මාස කිහිපය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වීමට නියමිතය.

Related posts

ආබාධිත රණවිරුවන්ට දුන් “යහපාලන ගුටි උපහාරය“ ගැන ඥාණසාර හිමි බරණැස සිටි කියපු දේ (Video)

colombotoday

දෙදෙනෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

Admin

මෙහෙම ‍කැබිනට්ටු ලෝකෙත් නැහැ ලොවි ගහෙත් නැහැ. කබ්බ ඇමතිකම්… මේවා ඇමතිකම්ද?- හරීන්

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහතට

colombotoday

ඇමෙරිකාවෙන් ‌රු. කෝටි 8000ක පරිත්‍යාගයක්

colombotoday

ලක්ෂ 75ක මඩු අස්වැන්නක්

Admin