Colombo Today Local News

අම්ෆන් අද පස්වරුවේ දිවයිනෙන් එලියට

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අම්ෆන් සුළිකුණාටුවේ බලපෑම හේතුවෙන් අදත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට හා නුවරඑළිය, කළුතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර සියයක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉතා ප්‍රචණ්ඩ සුළිකුණාටුවක් බවට පත්ව ඇති අම්ෆන් සුළිකුණාටුව 1999 වසරින් පසු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ හටගත් ප්‍රබලම සුළි කුණාටුවද වෙයි.

ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර 1250ක් පමණ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අම්ෆන් සුළි කුණාටුව උතුරට බරව ඊසාන දෙසට දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව නවතම කාලගුණ වාර්තාවේ දැක්වෙයි.

එය අද සවස් කාලය වනවිට බටහිර බෙංගාල වෙරළ හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂිතයි.

එම කුණාටුව දෙසට දිවයින හරහා ඇදී යන සුළං ධාරාව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 10කට බලපෑම් එල්ල වී තිබේ.

ගතවූ පැය 24ක කාලය තුළ මිලිමීටර 173.5ක වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්ය.

ඇඳහැලුණු අධික වර්ෂාව හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල මාර්ග රැසක් ජලයෙන් යටවි තිබේ

මේ අතර කොළඹ,කළුතර,රත්නපුර,කෑගල්ල,මහනුවර,මාතලේ, නුවරඑළිය, කුරුණෑගල,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නිකුත් කළ නායයෑමේ අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකයි.

නායයාම් අධි අවදානම් කලාපයක් ලෙස හදුනාගෙන ඇති රත්නපුර දිස්ත්‍රික්යේ රත්නපුර, අයගම,ඇළපාත,කලවාන සහ කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජීවත් වන ජනතාවට ආරක්ෂාකාරීව එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලීමක් කරයි.

මේ අතර කළු ගඟේ රත්නපුර ප්‍රදේශයේ පැවති සුළු ගංවතුර තත්ත්වයේ අඩු විමක් දක්නට ලැබෙන නමුත් මිල්ලකන්ද ප්‍රදේශයේ ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

නිල්වලා ගඟේ පානදුගම ප්‍රදේශයද පවතින්නේ අවධානයෙන් පසුවිය යුතු තත්ත්වයකයි.

Related posts

ලොවපුරා කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ 75 ඉක්මවයි

colombotoday

“මව් බිමට අලුත් උදෑසනක්” – උදේ පාන්දරම මහින්දගෙන් පණිවිඩයක්

colombotoday

කේරළ ගංජා කිලෝ 6ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday

අදත් රුපියල් දෙකකින් අවප්‍රමාණය වේ… ඩොලරය 170 පන්නයි…

colombotoday

උද්ගෝෂණයකට කඩා පැන තග දමලා… සෝලංගආරච්චිට මරික්කාර්ගේ පිරිසක් හූ කියයි!

colombotoday

බදුර්දීන් යහපාලන සෙවණේ රැකවරණ ලබද්දී කැලෑ පාලුවෝ අල්ලන්න ජනපති ත්‍රිවිධ හමුදාව යොදවයි

colombotoday