Colombo Today Local News

“අපි තරහයි“ නාට්‍යය ඉවරයි.. “අඹ යහළුවෝ“ දැන් පෙන්නනවා !!

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ගෙනියන හවුල් ආණ්ඩුව ඉදිරියටම ගෙන යන බවට. අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කිරීම තුළින් ඡන්දය ලබා ගැනීමට මෙම දෙපිරිස කළ රඟපෑමක් බව පැහැදිලිව අනාවරණය වන බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

එනිසා මේ වන විට අපි තරහයි නාට්‍ය අවසන් වී අඹ යාළුවෝ චිත්‍රපටය තිරගත වන බව ද පැවසු එම පෙරමුණේ ප්‍රචාරක ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මහතා සඳහන් කරයි.

ඊයේ (22) කොළඹ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

මෙවර පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට අකමැති ජනතාව එක්සත් ජනතා නිදහස් සන්ධානයට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය ලබා දුන් බවත් සියයට 13 ක් වු එම ජනතාවට පිටු පා අද වන විට නැවතත් හවුල් ආණ්ඩුවක් පිහිටු වීමට උත්සහ කරන බව ද මුසම්මිල් මහතා කියා සිටියේය.

මැතිවරණය පැවැත්වීමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් තනි ආණ්ඩුවක් පිහිටුවන බවට ජනතාවට බොරු පොරොන්දු ලබා දුන් අතර අද වන විට එම නාටකයේ අවසන් අංගය වශයෙන් කැබිනට් මණ්ඩලය පමණක් සංශෝධනය කිරීමට සැරසෙන බව ද මුසම්මිල් මහතා සඳහන් කළේය.

මේ වන විට රට තුළ දැවැන්ත අස්ථාවරභාවයක් ඇති ව තිබෙන බවත් නැවතත් හවුල් ආණ්ඩුවක් ඇති කිරීමට යෑමෙන් රට තවත් විනාශ වන බව ද ඔහු සඳහන් කළේය

Related posts

“මේ දෙක විතරයි ඉතුරු” – සරම උස්සා ඇමති සාගලට යමක් පෙන්වූ අයෙකුට වැඩ වරදී !!

colombotoday

අපේ ආණ්ඩුවට වැරදුනා…

colombotoday

අමරවීර හාද්දී රතන හිමිත් මඩට බහී..

colombotoday

26 දා දුම්රිය වර්ජනයක්.. හෙට සිට ප‍්‍රවේශපත් නිකුත් කිරීම නවතී.

colombotoday

හෙටත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

Admin

අලුත් ව්‍යවස්තාවට ජනමතවිචාරණයක්.. දෙමළ, මුස්ලිම් දැනටමත් කැමතියි.. සිංහලයන් කැමති කරගන්නවා

colombotoday