Colombo Today Local News

නියම වෙලාවට උකුසු ගැහිල්ලක් මං ගහනවා !

පාර්ලිමේන්තුව විසුරුවා හැරිමෙන් පසුව පොලොන්නරුවේ ඇති වෙලා තියෙන රාජ්‍ය භිෂණය අවසන් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පොලොන්නරුව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේය. උත්සවය ඇමතු මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේ පැවසීය.

”පහුගිය දවසක ඇවිදිනකොට මම හොද දර්ශනයක් දැක්කා පරාක්‍රම සමුද්‍රයේ දියකාවෝ ඉන්නවනේ හරියට දියකාවෙක් ඇවිත් මාලුවෙක් අරන් ගලක් උඩට ගිහින් කන්න පටන් ගත්තා විතරයි එකපාරටම දියකාවා දන්නේ නෑ උකුස්සෙක් ආවා උඩ ඉදලා උකුස්සෙක් ඇවිත් දියකාවාගේ කටේ හිටපු මාලුව මෙහෙම කරන කොට අරගෙන යන්න ගියා. ඉතින් ඒ වගේ අපිත් ගහන ගැහිල්ල උකුස්සෝ ගහනවා වගේ තමා ගහන්නේ”

Related posts

කතක් තුවායක සඟවා බන්ධනාගරයට යවන්න හැදූ හෙරොයින්

colombotoday

තාත්තාගේ ගම්උදාව සජිත් පුතාගෙන් ගලවයි.. අගමැති පවරා ගනී

colombotoday

ජාතික ආරක්ෂාව අනතුරේ නොහෙළන්නැයි ඉල්ලා ජනපතිට පෙත්සමක්! ඔබත් අත්සන තබන්න

colombotoday

යුද්ධයේදී දිවිපිදූ රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප බිරියන්ටත් දෙන්න තීරණයක් !

colombotoday

උපෙළ වෘත්තීය විෂය හදාරන සිසුන්ට රු 500ක දෛනික දීමනාවක්

colombotoday

ඇමති රාජිතගේ පත්කිරිම් දෙකක් අධිකරණය බල රහිත කරයි

colombotoday