Colombo Today Local News

අනුරාධපුර නගරය ගෝනිබිල්ලන්ට තහනම් කළාපයක් වෙයි.. යෝජනාව ඒකමතිකව සම්මතයි…

අනුරාධපුර මහ නගර සභාවේ පාලනය යටතේ පවතින රාජ්‍ය ආයතන,පෞද්ගලික ආයතන හා පොදු ස්ථානවලට ඇතුළුවීමේදී සහ ඒ ආසන්නයේ ගැවසීමේදී මුස්ලිම් කතුන්ට මුහුණු ආවරණය වනසේ බුර්කාව හා නිකාබය පළදීම තහනම් කිරීමට මහ නගර සභාව ගෙනා යෝජනාවක්  මාසික මහ සභාවේදි ඒකමතිකව සම්මතවිය.

රටේ පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් ආරක්ෂක අංශවලට හා පොලීසියට සහායදීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කළ බව සභාව ආරම්භ කිරිමේ අවස්ථාවට එක්වෙමින් අනුරාධපුර මහ නගර සභාවේ පුරපති එච්.පී.සෝමදාස මහතා සඳහන් කළේය.

අනුරාධපුර මහ නගර සභාවේ පුරපතිවරයා ඉදිරිපත්කල යෝජනාව සම්බන්ධයෙන් පාලක පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ හා මුස්ලිම් කොංග්‍රසයේ සියලු නාගරික මන්ත්‍රීන්ගේ හා මන්ත්‍රීවරියන්ගේ එකගතාව පළවිය.

ඒකමතිකව සම්මතවූ යෝජනාවේ පුරපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් සහතික කළ පිටපතක් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති වරයා යොමුකිරීමට අවශ්‍ය්‍ය පියවර ගන්නා ලෙස පුරපතිවරයා නාගරික කොමසාරිස් අජන්ත ගුණවර්ධන මහතාට නියම කළේය.

Related posts

නේවි රුවන් අත්අඩංගුවේ

colombotoday

රෝයල් පාර්ක් ඝාතනයට මරණ දඩුවම නියම වූ ජූඩ් ඇන්තනීට ජනාධිපති සමාවෙන් නිදහස..

colombotoday

පා.ච රණවකට විරුද්ධව මහින්දානන්ද CID යයි.

colombotoday

විදුහල්පතිනිය පොලිසියට ගෙන්වා ලෙඩක් දමයි.. බදුල්ල පොලිසියේ උණුසුම් තත්ත්වයක්

colombotoday

නිරෝධායනය අවසන් කළ පිරිසක් නිවෙස්වලට

colombotoday

ත්‍රිකුණාමලය ප්‍රදේශ 2ක් හුදකලා කෙරේ

colombotoday