Colombo Today Local News

අනාගත පරපුරට ආඩම්බර විය හැකි රටක් ගොඩනගනවා..- ජනපති සහතික වෙයි !

අනාගත පරපුරට මේ අපේ මවුබිම යැයි ආඩම්බරයෙන් කිව හැකි රටක් ගොඩනැගීමට කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

රට ගොඩනැගීමට තමාට පැහැදිළි දැක්මක් තිබේ.  එය තම ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ජනතාවට ඉදිරිපත් කර ඇති බව  කොළඹ දී පැවති ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය හමුවේ දී ජනාධිපතිතුමා සඳහන් කළේය.

ආනන්ද විද්‍යාලයීය සත් මහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීමට සමගාමීව විද්‍යාලයෙන් බිහි වූ ප්‍රථම සහ එකම විධායක ජනාධිපතිවරයා පිළිගැනීමට හමුව සංවිධාන කර තිබිණ.

බෞද්ධ දර්ශනය මත පදනම්ව විද්‍යාලයෙන් ලද ජාතිකත්ව චින්තනය මව්බිමට ආදරය කරන පිරිසක් බිහි කිරිමට ඉවහල් වූ බව ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

“ආනන්දය හැමදාමත් රටට ආදරය කරන ලෙස සිසුන්ට ඉගැන්වූ පාසලක්.  පරම්පරාවෙන් පරම්පරාවට දේශප්‍රේමි පුතුන් බිහිකළ පාසැලක්.  වර්තමානයේ ජාතියේ නායකයින් ලෙස හොඳින් රට ඉදිරියට ගෙන යාමට හැකි වී ඇත්තේ ආනන්ද විදුහල් මාතාව ලබා දුන් ශක්තිය නිසා” යැයි ද ජනාධිපතිතුමා කියා සිටියේය.

අයෝමා රාජපක්ෂ මැතිණිය , කථානායක කරූ ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ආදි ආනන්දියන් සහ ආදි සහ වත්මන් ගුරුවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ

Related posts

සහරාන්ගේ ෆේස්බුක් මිතුරන්ගේ තමිල්නාඩු රහස් නිවාස 7ක් වටලයි

colombotoday

නොරොච්චෝලේ පළමු අදියරේ බිඳවැටීමක්

colombotoday

රාජ්‍ය ඇමති වික්‍රමනායකට වරෙන්තු !

colombotoday

ඔබත් දුම්බෝන්නෙක් ද? එසේනම්, කොවිඩ් වැළඳී සංකූලතා ඇතිවී මරණයට වැඩි ඉඩක්..

colombotoday

දෙමාපිය අවධානෙන් ගිලිහුණු මස්කෙළියේ සිඟිත්තෙක් ගොම පිරවූ වළකට ඇද වැටී මිය යයි

colombotoday

වෙලේ සුදාට මරණ දඬුවම අරන් දුන් රංගජීවට ඒ වෙනුවෙන් රු 75000ක් දීලා.

colombotoday