Colombo Today Local News

අන්තර්කාලීන නායකයෙකුට එජාපයෙන් විරෝධයක්.. නවීන්ගේ සහය වජිරට

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ හමුවක් අද (12)දින පක්ෂයේ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නිවසේදී පැවැත්වුණි.

එම හමුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන රවී කරුණානායක, වජිර අබේවර්ධන, දයා ගමගේ, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, නවීන් දිසානායක සහ අර්ජුණ රණතුංග ද සහභාගී වී ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

එහිදී එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකු පවසා ඇත්තේ පක්ෂයේ අන්තර්කාලීන නායකයා ලෙස හිටපු කථානායක කරු ජයසූරිය මහතා පත්කළ යුතු බවයි. එහෙත්, එම යෝජනාව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර වජිර අබේවර්ධන එකග වී නොමැති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

එහිදී පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ද පවසා ඇත්තේ පක්ෂයට අවශ්‍ය වන්නේ නායකත්වය සඳහා සුදුසු පුද්ගලයෙකු මිස අන්තර්කාලීන නායකයෙකු නොවන බවයි.

කෙසේවෙතත් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර වජිර අබේවර්ධන එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වන්නේ නම් ඔහුට සහය ලබාදී එක්ව කටයුතු කිරීමට තමන් සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර නවීන් දිසානායක මෙහිදී අවධාරණය කර ඇතැයි දේශපාලන ආරංචි වැඩිදුරටත් සඳහන් කළා.

Related posts

හිටපු ජනපති ගෝඨාභය අනිද්දා දිවයිනට

colombotoday

කුණු කතා අවසන්.. ඝන අපද්‍රව්‍ය දහනයෙන් බලශක්තය නිපදවීම ඇරඹෙයි.

colombotoday

රාජ්‍ය පරිපාලන නව ලේකම් පත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

Admin

පොල්ගස්ඕවිට ඇලක නාඳුනන පිරිමි මළ සිරුරක්

colombotoday

හිරගෙදරට ගිය ඇමති රවී ඥාණසාර හිමිගෙන් කළ ඉල්ලීම

colombotoday

ලෝක ආදීවාසී දිනය අදයි

colombotoday