ඉන්දියාව ද ‘ටෝටල් ලොක්ඩවුන්’ හෙවත් රට සම්පූර්ණයෙන් වසා දැමීමේ ක්‍රියාමාර්ගය අනුගමනය කරන බව එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (24)
ජාතිය අමතමින් ප්‍රකාශ කළේය.
ඒ අනුව අද (24) මධ්‍යම රාත්‍රියේ සිට දින 21ක් දක්වා ඉන්දියාවේ කටයුතු සියල්ල නවතා දමන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
බිලියන 1.3කට වැඩි ජනගහනයට ඉන්දියාව හිමිකම් කියයි.