Colombo Today Local News

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල සීග්‍රයෙන් ඉහළ යෑම ස්ථිරයි

රේගු නිලධාරීන් විසින් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඉදිරියේදී යළිත් වරක් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ රැසක මිල ඉහළ යාමේ අවදානමක් මතුව ඇත.

රේගු වෘත්තිය සමිති රැසක් පසුගිය සතියේ අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වූයේ රජය විසින් රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව හා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව එක්කර එක් ආයතනයකට බලය පැවරීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ගයට එරෙහිවයි.

කෙසේවෙතත්, පසුව සිදුකළ සාකච්ඡාවලින් අනතුරුව පැමිණි එකඟතා අනුව එම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හැරීමට රේගු වෘත්තිය සමිති සන්ධානය පියවර ගත්හ.

මේ වනවිට රේගුවේ බහාලුම් පරීක්ෂා කිරීමේ කටයුතු ප්‍රමාදවීමත් සමග අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් සහ තොග හානි වීමේ අවධානමක් සහිත බහාලුම් රැසක් වරායෙන් නිදහස් කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇත.

Related posts

ඇප ලැබූ රැඳවියන් සෞඛ්‍ය පරීක්ෂකට දැනුම් දෙන්න

colombotoday

ඇඹිලිපිටියේ 72ක් PCR පරීක්ෂණයට

colombotoday

තමිල්නාඩුවෙන් ආ පාස්ටර්වරයෙක් බුද්ධාගමට අපහාස කරමින් රටපුරා දේශනවල… කල්මුනේ දේශනයට පොලිසියෙන් අවසර…

colombotoday

“මම ගියොත් ක්‍රිකට් ඉවරයි.. බාරගත් වැඩේ ඉවර කරල මිස මම යන්නෑ” – තිලංග

colombotoday

පරාක‍්‍රම සමුද්‍රයේ වැව් බැම්ම රකින්නට භික්ෂු විරෝධයක්

colombotoday

නව රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

colombotoday