Colombo Today Local NewsCovid 19

අටුළුගමට ගොස් පැමිණි බලපිටියේ දෙදෙනෙක් ස්වයං නිරෝධායනයට

බණ්ඩාරගම  අටුළුගම  ප්‍රදේශයේ  සිය මව බැලීමට ගොස්  එම ප්‍රදේශයේ සංචාරය කළ බලපිටිය ප්‍රදේශයේ පදිංචි  පුද්ගලයකු හා ඔහු සමඟ  ගිය තවත් පුද්ගලයකු නිරෝධායනය කිරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරු  අද (28) නියෝග කළේය.
  
බලපිටිය රේවත හන්දිය ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයන් දෙදෙනා ඔවුන් පදිංචි නිවාස තුළම  නිරෝධායනය කිරීමට බලපිටිය මහාජන සෞඛ්‍ය නිලධාරින් අද(28) කටයුතු කළේය.
 
කොරොනා රෝගියකු වාර්තා විමත් සමඟ  වසා දැමීමට කටයුතු කළ බණ්ඩාරගම  අටුළුගම  ප්‍රදේශයේ මොවුන් දෙදෙනා ඊයේ (27) සංචාරය කර නැවත බලපිටිය ප්‍රදේශයට පැමිණීම හේතුවෙන් නිරෝධායනය කිරිමට සිදුවු බව  මහජන සෞඛ්‍ය පරික්ෂකවරු  පවසති.
 
මෙවන විට බලපිටය ප්‍රදේශයේ 185 දෙනෙකු පමෙණ නිවාස තුළ නිරෝධායනය  කර තිබෙන බව එම නිලධාරින් පැවසිය.

Related posts

මහ බැංකු අධිපති අත්අඩංගුවට

Admin

ඤාණසාර හිමිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

colombotoday

ශ්‍රීපාදස්ථානය පාමුළින් හමුවූ හනුමාගේ කියා වැන්ද පා සටහන ගැන හෙළිවුණු දේ…

colombotoday

ටිකිරි මැණිකේ පීලි පනී – උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Admin

සෞඛ්‍ය ඇමති හා නියෝජ්‍ය ඇමති වාහන 24ක් භාවිත කරලා

colombotoday

මුදල් අමාත්‍යංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි

colombotoday