Colombo Today Local News

ෆොන්සේකාට එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයක් සමගින් පොලිසිය බාර අමාත්‍යංශය

323027-sarath-fonseka

අභාවප්‍රාප්ත ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාගෙන් හිස්වූ පාර්ලිමේන්තු අසුන සඳහා ලබන 09 වනදා දිව්රුම්දීමට නියමිත ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ප්‍රභල ඇමති පදවියක් ලැබීමට නියමිත බැව් එක්සත් ජාතික පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.මේ පිළිබඳව වූ අවාබෝධතා ගිවිසුම එජාපය හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අතර පෙබරවාරි මස 02 වන අගහරුවාදා සිරිකොතේදී අත්සන් කිරීමට නියමිතය.

සරත් ෆොන්සේකා මහතාට මෙම පදවි ලබාදීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුල යම් විරෝධතාවයක් මතු වුවද එජාප සභාපති මලික් සමරවික්‍රම මහතා සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා එකී විරෝධතාවයන් සමනය කොට ෆොන්සේකා මහතාට මන්ත්‍රීධූරය ලබාදීමට එකගත්වය පලකොට ඇත. මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා තම විරෝධත්වය අගමැතිවරයාට ප්‍රකාශ කොට ඇති බව එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ෆොන්සේකා මහතා රජයට එක්වූ පසු ඔහු හා විජේදාස රාජපක්ෂ මහතා අතර පවතින විරසකය සමනය කිරීමට හැකිවනු ඇතැයි එජාප සභාපති මලික් සමරවික්‍රම මහතා විශ්වාසය පලකර සිටී.

එජාපය හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අතර අත්සන් කිරීමට නියමිත අවබෝධතා ගිවිසුමේදී සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය ලබාදෙන ලෙසට ඉල්ලීමක් කිරීමට නියමිත බව එක්සත් ජාතික පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

Related posts

චීන යුවාන් කදබැඳන් අගමැති කටුනායකින් බහී

colombotoday

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අසල වෙඩි තැබීමක්

Admin

නිරෝධායනය කඩ කර නගරයට ආ පුද්ගලයකු බණ්ඩාරවෙලින් අත්අඩංගුවට

colombotoday

ICBT Campus හී TEVEC ලියාපදිංචිය කල් ඉකුත්වේ.- අප්‍රේල් සිට පාඨමාලා පැවැත්වීමට TEVEC අවසරයක් නෑ – Updated

colombotoday

රග්බි ස්ථාවර කමිටුව අවලංගු කරමින් ගැසට් නිවේදනයක්

Admin

පළාත් පාලන මැතිවරණය පෙබරවාරි 10 – මැ.කො. නිවේදනය කරයි

colombotoday