Colombo Today Local News

“හොරා” කීවාට රවීගෙන් ගම්මන්පිලට නඩු

තමන් හොරෙකු නොවන බවත් වෘත්තීය පදනමක් තබාගෙන මහන්සියෙන් නීත්‍යානූකූලව රටේ ඉදිරියට පැමිණි පුද්ගලයෙකු බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

අමාත්‍යවරයා වඩාත් හැඟීම්බරව මෙම අදහස් පල කලේ ඊයේ (16) මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

තමන් රේගුවට රුපියල් මිලියන 6500ක් පාඩු සිදු කළ බවට පවසමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල නගන චෝදනා වලට පිළිතුරු දෙමින් ඔහු මේ බව අවධාරණය කලේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ‘‘ අපි හොරු නෙමෙයි. බලන්න අපි කොච්චර පිරිසිදුව මේ දේවල් කරනවද කියලා. අපි වෘත්තීය පදනමක් තබාගෙන මහන්සියෙන් නීත්‍යානූකූලව රටේ ඉදිරියට ඇවිල්ලා තියන පුද්ගලයෝ.මේ අය කරනවා වගේ වංචා සහගත දේවල් කරලා නෙමෙයි අපි දේශපාලනය කරන්නේ‘‘ යනුවෙන්ද සඳහන් කළේය.

ඒ අනුව තමාට එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන්ම අසථ්‍ය බවත්,පදනම් විරහිත බවත් පවසා සිටි අමාත්‍යවරයා ,ඒ සම්බන්ධයෙන් මන්ත්‍රී උදය ගම්මන්පිලට එරෙහිව අපහාස නඩුවක් ගොනු කිරීමටද සූදානම් බවද පැවසීය.

Related posts

කිලිනොච්චියේ දෙමළ ජනතාවගේ ගෞරවයට පාත්‍රවූ කර්නල් ගැන හමුදාවෙන් තීරණයක්

colombotoday

රවීට, බිරියට,දියණියට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

colombotoday

සෞඛ්‍ය වෘත්තීය සමිති 26ක් අද විරෝධතාවක

colombotoday

ගම්මන්පි හිර ගෙදර බත් එපා කී හේතුව හෙළිවෙයි

colombotoday

එරාවූර් ඉඩම් කොල්ලයට එරෙහි වූ, ඉඩම් අධ්‍යක්ෂකට වෙඩි ප්‍රහාරයක්

colombotoday

රේගුව ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අප්‍රසාදය

Admin