Colombo Today Local News

හින්දු කෝවිල්වල සත්ව බිලි පූජා තහනම් කෙරේ… කැබිනට් මණ්ඩලයේ අනුමතයි..

හින්දු කෝවිල් තුල හෝ එහි සිමාව තුල සිදුකරන සත්ත්ව සහ පක්‍ෂි බිලිපුජා තහනම් කිරීමට රජය තීරණය කර ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

කෝවිල් පරිශ්‍රය තුල සිදු කරන සත්ත්ව සහ පක්ෂි බිලි පුජා තහනම් කිරීම් සඳහා නෛතික විධිවිධාන ස්ථාපිත කල යුතු බවට අමාත්‍ය ඩි. එම්. ස්වාමිනාදන් මහතා විසින් කල යෝජනවකට අනුව මෙම තීරණය ගෙන ඇති බව අමාත්‍යවරයා පැවසුවේය.

අදාල යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති අතර ඊට අනුකූල වන පරිදි නීති කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත නියම කිරමට කටයුතු කරනු ඇති.

හින්දු ආගමේ නාමයෙන් කරගෙන යනු ලබන සත්ත්ව හිංසාව නියාමනය කිරීමට ආයතන ගත ව්‍යුහයක් නොමැති අතර කෝවිල් පාලනය තනි පුද්ගලයෙකු හෝ ජනතාව විසින් පත්කළ කළමනාකරණ මණ්ඩලයක් විසින් මෙහෙයවනු ලබයි.

සත්ත්ව බිලි පුජාව හින්දු ආගමේ පුරාතන ක්‍රමයක් වුවද බහුතර හින්දු ආගමිකයන් මෙම ක්‍රමය පිලි නොගන්නා අතර සත්ව බිලි පුජා තහනම් කිරීමත් දඩුවම් පැමිණවිය හැකි වරදක් ලෙස නීතිගත කිරීමත් සිදු කල යුතු බවට හින්දු ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ ශ්‍රී ලංකාවේ හින්දු සංගම් වල මතය වී ඇති බව රාජ්‍ය අමත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

– Media Unit

Related posts

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සහ මහජන ආරක්‍ෂක ඇමැති අතර හමුවක්

colombotoday

ග්‍රෑන්ඩ් හයට් හෝටලයේ ඉතිරි වැඩ වලට සල්ලි නෑ… හිල්ටන් හෝටලයත් සමග විකුණා දැමීමට ඇමති මණ්ඩලය තීරණය කරයි..

colombotoday

විශ්වවිද්‍යාල නේවාසිකාගාර රාත්‍රී කාලයේ පරික්ෂා කරන්න තීරණයක්

Admin

නීතීඥ සංගමයේ මුල් පුටුව නැවතත් යූ.ආර්. ද සිල්වාට

colombotoday

විපක්ෂ නායකකම භාරගත් හේතුව මහින්ද කියයි…

colombotoday

මා මරාදැමීමට තැත් කල දූෂිතයන් සමග තවත් ආණ්ඩු බෑ – ජනපති කියයි

colombotoday