Colombo Today Local News

හමුදා ප්‍රධානීන් FCID කැඳවීම ගැන මම දැනගත්තෙත් මාධ්‍යයෙන්. ඒ ගැන කණගාටුයි.

554a7b1398d3dහිටපු හමුදා ප‍්‍රධානීන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කැදවා ප‍්‍රශ්ණ කිරීම ගැන තමා කිසිත් නොදන්නා බවත් ඒ ගැන කනගාටුවන බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පොලොන්නරුව අරලගංවිල විලයාය මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවති ‘පිබිදෙමු පොලොන්නරුව’ සංවර්ධන වැඩපිළිවෙලේ සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපතිවරයා එසේ කියා සිටියේය.

‘හිටපු හමුදා ප‍්‍රධානීන් කිහිප දෙනකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවලා තිබෙනවා කියලා මා ජනමාධ්‍යවලින් දැනගත්තා. ඒ හමුදා ප‍්‍රධානීන් අත් අඩංගුවට ගෙන තිබෙන්නේ විදේශ රටවල තානාපතිකම කරද්දී මෙහෙ ඇතැම් දේශපාලන කටයුතු කළැයි කියන චෝදනවා උඩයි. චෝදනා කුමක් වුණත් හමුදා ප‍්‍රධානීන් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැදවීම සම්බන්ධයෙන් මා දැනුවත්ව නොවීම ගැන කනගාටු වෙනවා’

Related posts

අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මරුට

Admin

කොවිඩ් ආසාදීත තිදරු පියෙක් රෝහලේ උඩු මහලින් බිමට පනී

colombotoday

කියපු විදියට බඩු මිල අඩුවෙන්නේ නෑ

Admin

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආයුධ සමග අත්අඩංගුවේ

colombotoday

ස්වෛරී රටක ස්වාධීනත්වයට බලපෑම් කිරීම පහත් ක්‍රියාවක් – යුරෝපා සංගමයට රජයෙන් ප්‍රතිචාර

colombotoday

නාම යෝජනා භාර ගැනීම අද සිට ඇරඹේ !

colombotoday