Colombo Today Local News

සිප් සතර විකිණීම “ගුරු සේවයට තරම් නොවේ“

tution class

රජයේ පාසල්වල ගුරුවරුන් ටියුෂන් පන්ති පැවැත්වීම නීත්‍යනුකූල නොවන බව අධ්‍යාපනඥයකු හා නීතිවේදියකු වන සමරසිංහ ගුණසේකර මහතා පවසයි.මෙය නෛතික වරදක් මෙන් ම ගුරු සේවා ආචාර ධර්ම කඩකිරීමක් ද වන බව පවසන ඔහු ටියුෂන් පන්ති පවත්වන ගුරුවරුන්ට එරෙහිව නෛතික පියවර ගත හැකි බව ද පෙන්වා දෙයි.

මේ පිළිබඳව අදහස් දක්වන නීති විශාරදයන් හා පාසල් ගුරුවරුන් පවසන්නේ පාසල් ගුරුවරුන් රජයේ වැටුප් ලබන්නන් වන හෙයින් ආයතන සංග්‍රහය අනුව ඔවුන් වෙනත් ව්‍යාපාරවල යෙදීම නීති විරෝධී කටයුත්තක් වන බවයි.

රජයේ පාසල්වල ගුරුවරුන්ගෙන් සැලකිය යුතු පිරිසක් තම රාජකාරි කාලයේද පෞද්ගලික පන්තිවල ඉගැන්වීමට යෑම නිසා පාසල්වල විෂයමාලා ආවරණය කිරීම අසීරු වී ඇති බව අනාවරණය වේ.‍

ඇතැම් ගුරුවරුන් පාසල් කාලයේත් පාසලෙහිම අමතර පන්ති පවත්වා මුදල් අය කිරීම, අමතර පන්තිවලට සහභාගි වන මෙන් සිසුන්ට බලපෑම් කිරීම හා එසේ නොපැමිණෙන සිසුන්ට පාසලේදී වෙනස්කම් කොට සැලකීම නිසා සිසුන් පීඩාවට පත්වන බව දැනගන්නට ඇත.

මේ පිළිබඳව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා සිළුමිණ ට කියා සිටියේ පාසල් ගුරුවරුන් ටියුෂන් පන්තිවලට පැමිණෙන ලෙස බල කිරීම හා එසේ නොවන අයට ප‍ීඩා කිරීම් පිළිබඳ සිද්ධීන් වාර්තා වන බවයි.

ඔවුන්ට පෞද්ගලික පන්ති පැවැත්වීමට තහනමක් ඇතත් නැතත් ‍ඔවුන් මේ කරන්නේ ගුරු ආචාර ධර්ම කඩකිරීමක් බව ද ගුරු සංගම් සභාපතිවරයා කීය.

Related posts

F & G තැන්පත්කරුවන් කබලෙන් ලිපිට.

colombotoday

බිමත්ව රිය පැදවීමේ වාර්තා අධිකරණයට ඉදිරිපත් කර නෑ – විජිත හේරත් නිදහස්

colombotoday

බන්ධනාගාරයේදී දුරකතනයක් සන්තකයේ තබාගත් රිෂාඩ් බදුර්දීන් නිවැරදි කරු යැයි කියයි.

colombotoday

බලය බෙදන ව්‍යවස්ථාව හදන ජයම්පතීට ලක්ෂ 450ක වාහනයක් !

colombotoday

යුද්ධෙ දිනල රට කෑවා.. මං මහින්දත් එක්ක පුදුම තරහකින් ඉන්නේ – චන්ද්‍රිකා

colombotoday

හෙම්මාතගම දී මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළී විදෙස් කතක් මරුට

Admin