Colombo Today Local News

සිංහල නම්වලින් පෙනී සිටිමින් මුස්ලිම් පල්ලියකට පහරදීමට සැලසුම්කළ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙක් අල්ලයි…

බේරුවල බුහාරි මුස්ලිම් පල්ලියට ප්‍රහාරයක් එල්ලකිරීමට සැලසුම් කළ බවට සැකපිට සිංහල නමකින් පෙනී සිටි දිගන ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් පුද්ගලයන් දෙදෙනෙකු කළුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය අද (25) අත් අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ දිගන ප්‍රදේශයේ අබ්දුල්ලා නමින් පදිංචිව සිටි මේ වනවිට කොඩිතුවක්කු ආරච්චිලාගේ රුවන් වීරසිංහ නමින් පෙනී සිටින 30 හැවිරිදි අඹන්වත්ත ,රජවැල්ල ලිපිනයේ පදිංචි අයෙකු සහ පන්විලහේන ,වේයන්ගල්ල ,අගලවත්ත ලිපිනයේ පදිංචි අබ්දුල් රහීම් මොහොමඩ් ෆයිසර් නමැති 39 හැවිරිදි අයෙකි.

අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කිසියම් මුස්ලිම් අන්තවාදී කණ්ඩායමකට අයත් බවට පොලිසිය සැකකරන අතර මොවුන් විසින් බේරුවල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ මුස්ලිම් පල්ලියක් වන බුහාරි පල්ලියට ප්‍රහාරයක් එල්ලකිරීමට සැලසුමක් තිබෙන බවට මොවුන් විසින් කරන ලද ප්‍රකාශයක් අනුව මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.

සිංහල නමින් පෙනීසිටින පුද්ගලයා තමා සිංහල නමින් පෙනී සිටීමට සාධාරණ හේතුවක් ඉදිරිපත්කිරීමට අපොහොසත්වී ඇති අතර ඔහු දිගන ප්‍රදේශයෙන් පැමිණ වේයන්ගල්ල ප්‍රදේශයේ පදිංචි අනෙක් සැකකරුගේ නිවසේ නැවතී සිට ඇත.

Related posts

කොකේන් සහ මත් පෙති සමග තරුණයෙක් දැලේ

Admin

නොමිලේ ලබා දුන් පාසල් නිල ඇදුම් ලබා ගන්න අගමැතිනිය පැයක් ප්‍රමාද වී පැමිණේ

Admin

ජාතික පාසල් 170ක විදුහල්පති පුරප්පාඩු

colombotoday

තම රටේ උතුරු මුහුද දකුණේ ධීවරයන්ට තහනම්.. බලපත්‍ර නිකුත් කිරීම අමාත්‍යාංශය අත්හිටුවයි !

colombotoday

“සති දෙකක් සඳහා වහාම රට වසා දැමිය යුතුයි” – විමල්

colombotoday

අශේන්ගේ ඇප කැන්සල්

Admin