Colombo Today Local News

සැප පහසු බව මදිලු…. පාර්ලිමේන්තුවට පුටු 232ක් අලුතින් ගැනීමට යෝජනාවක්….

පාර්ලිමේන්තු සභා ගර්භය සඳහා පුටු 232ක් අලුතින් මිලදී ගැනීමට යෝජනාවක් ඉදිරිපත්වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට අමතරව පාර්ලිමේන්තු සභා ගර්භය සඳහා අලුතින් බිම ඇතිරිල්ලක් මිලදී ගැනීමටත් යෝජනා ඉදිරිපත් වී ඇත.

පාර්ලිමේන්තු සභා ගර්භයේ දැනට භාවිතා කෙරෙන්නේ පාර්ලිමේන්තුව ඉදි කෙරුණු අවස්ථාවේ එහි සවි කෙරුණු පුටු බවත් සමහර පුටු මේ වන විට බොහෝ සේ අබලන්වී ඒවායේ සුවපහසු බවද හීනවෙමින් පවතින බවත් පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තු සංකීර්ණයම පුළුල් නවීකරණයකට ලක් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.එහි පළමු අදියර යටතේ පාර්ලිමේන්තුවේ වැසිකිළි පද්ධතිය නවීකරණය කෙරෙන බව පාර්ලිමේන්තු නිලධාරීහු කියති.

Related posts

අදන් ඩොලර් අර්බුදය අවසන්

Admin

චන්ද්‍රිකා මැතිණිය කියන්නේ මේ රටේ කල් ඉකුත්වුණු භාණ්ඩයක් – හිටපු අමාත්‍ය ජයරත්න හේරත්

colombotoday

රට පුරා මහ වැසි… දිස්ත්‍රික් 9ක් අවදානමේ… අනතුරු අගවයි…

colombotoday

චීනෙන් ශ්‍රී ලංකාවට PCR පරීක්ෂණ කට්ටල 25,000ක ප්‍රධානයක්

colombotoday

“එකම ලේ” නමින් එන “විසකුරු ලේ” !

colombotoday

5,000 දීමනාව යළිත් | ජල බිල්පතේ සහනයක් නෑ

colombotoday