Colombo Today Local News

ස්විස් තානාපති නිලධාරිනිය පැහැරගැනීමේ නාටකය අවසන් අධියරේ. තානාපති කාර්යාලය පොලීසියට අසත්‍ය තොරතුරු ලබා දීලා.

ශ්‍රී ලංකා විදේශ සබඳතා අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනය මෙසේය…

කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශීයව බඳවාගත් කාර්ය මණ්ඩල සාමාජිකාවක 2019 නොවැම්බර් 25 සඳුදා මුහුණ දුන් බව කියන සාපරාධි සිද්ධිය බරපතළ ලෙස සැලකිල්ලට ගත් ශ්‍රී ලංකා රජය මේ පිළිබඳව පූර්ණ විමර්ශණයක් කිරීමට වහාම නියෝග කළේය.

ඊයේ සවස (2019 දෙසැම්බර් 01) ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා සහ අදාළ නිලධාරින් සමඟ ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හාන්ස් පීටර් මොක් (Hanspeter Mock) මහතා හා නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී හමු වූ විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ ලේකම් රවීනාත් ආර්යසිංහ මහතා පොලිසියේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශණවල ප්‍රතිඵල ගැන ඔවුන් දැනුවත් කළේය.

ස්විස් තානාපති කාර්යාලය 2019 නොවැම්බර් 29 සිකුරාදා ලබාදුන් තොරතුරු මත ප්‍රශ්න කරනු පිණිස සිද්ධියට මුහුණ පෑ බව කියන නිලධාරිනිය තමන් වෙත යොමු කරන ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරින් කළ ඉල්ලීම ඉටුකිරිමට තානාපති කාර්යාලය ක්‍රියා නොකළ ද විමර්ශණය ඉදිරියට ගෙන යනු ලැබීය. ස්විස් දූත කාර්යාලය සිද්ධියට මුහුණ පෑ බව කියන නිලධාරිනිය වෙනුවෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නිල වශයෙන් සපයන ලද පරිදි සිදුවීමට අදාළ සිද්ධීන්ගේ පෙළ ගැස්ම සහ කාලවකවානුව සිදුවීමට මුහුණ පෑ බව කියන නිලධාරිනිය අදාළ දින කළ ගමන් බිමන් සමඟ නොපෑහෙන බව උබර් (Uber) වාර්තා, සීසීටීවී (CCTV) දර්ශන, දුරකථන වාර්තා සහ ජීපීඑස් (GPS) දත්ත ඇසුරෙන් සනාථ වන බව සාක්ෂි සහිතව තානාපතිවරයාට පෙන්වා දෙන ලදී.

නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරින් ස්විස් දූත කාර්යාලයට ඉදිරිපත් කළ ප්‍රතික්ෂේප කළ නොහැකි සාක්ෂි ප්‍රකාර අදාළ චෝදනාව හා සම්බන්ධ සැබෑ තතු නිවරැදිව හඳුනා ගැනිමට තවදුරටත් විමර්ශණ කළයුතු බව අවධාරණය කෙරිණ. ඒ සඳහා සිද්ධියට මුහුණ පෑ බව කියන කාර්ය මණ්ඩල සාමාජිකාව නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරින් විසින් ප්‍රශ්න කරනු ලැබිය යුතුය. සිද්ධියට මුහුණ පෑ බව කියන තැනැත්තිය සිදුවුණාය කියන පැහැර ගැනීමේ දී තමාට තුවාල සිදු වු බව කියා ඇති බැවින් ඇය ශ්‍රී ලංකාවේ අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු විසින් කරණු ලබන වෛද්‍ය පරික්ෂණයකට භාජන කළ යුතු බව පෙන්වා දෙන ලදී.

සිදුවුවායි කියන සිද්ධිය සම්බන්ධ යථා තත්ත්වය නිශ්චය කරනු සඳහා ශ්‍රී ලංකා රජයට සහාය වන්නැයි තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටින ලදී.

Related posts

නව හැවිරිදි දැරියන් දෙදෙනෙකු අපහරණය කළ කැකිරාවේ මව්ලවි අත්අඩංගුවට !

colombotoday

පියාණන් වතුකම්කරුවන් ලක්ෂ 12කට මෙරට පුරවැසිභාවය දුන්නා… මම වතු කම්කරු පඩිය 1500ක් කර දෙනවා !

colombotoday

පොලිස් නිලධාරීන් ඝාතනයට LTTE කන්නන් අත්අඩංගුවට

colombotoday

අමාත්‍ය වාසුදේව නානායක්කාරටත් කොරෝනා

colombotoday

ගංජා භාවිතයෙන් පිස්සු හැදෙන්නේ නෑ. | ඒක පිළිගන්න බෑ.. පැනික් ඇටෑක් හැදෙනවා. | දේශීය වෛද්‍යවරුන්ට විශේෂඥ වෛද්‍යවරියකගෙන් පිළිතුරු.

colombotoday

සම්බා – කැකුළු – නාඩු සහල් උපරිම මිල නියම කරයි

colombotoday