Colombo Today Local News

විෂ මත්ද්‍රව්‍ය සොයා FB සාදවලට පොලීසියේ ඇස යොමු වෙයි

Facebook සමාජ මාධ්‍ය ජාලය හරහා සංවිධානය කරනු ලබන සාද දැඩි පරීක්ෂාවකට ලක් කරන ලෙස පොලිස් ස්ථානාධිපතිවරුන්ට පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබා දී ඇත.

මෙම සාද බොහෝ විට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් සංවිධානය කරන බවත් සාදවලට සහභාගීවන අයට විෂ මත්ද්‍රව්‍ය අලෙවි කරන බැවින් මෙම පරීක්ෂාවන් සිදු කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ක්‍රියා කර ඇත.

මෙම පරීක්‍ෂා කිරීමේදී අදාළ ස්ථානවල විෂ මත්ද්‍රව්‍ය හෝ එම ස්ථානවල නීතිවිරෝධී කටයුතු සිදුවනවානම්, අදාළ සාදය සංවිධානය කළ පිරිස්, ඒ සඳහා ආධාර අනුබල ලබාදුන් පිරිස් සහ සාදයට සම්බන්ධ වී සිටින පිරිස් අත්අඩංගුවට ගෙන නීති මගින් කටයුතු කිරීමට ද උපදෙස් ලබා දී ඇත.

Related posts

බ්‍රිතාන්‍ය රජුටත් අභියෝග කරන පිළිකා මාරයා

Admin

චීනයෙන් ලැබුණු ඩීසල් විශේෂ වවුචරයක් මගින් Online ක්‍රමයට අද සිට නිකුත් කෙරේ…

Admin

රාජිත ලැයිස්තුවෙන්, බිරිද කලුතරින්, චතුර ගම්පහෙන් – රාජිත පවුලම පාර්ලිමේන්තුවට !

colombotoday

පාස්කු වින්දිතයින්ට හිටපු ජනපති මෛත්‍රී වන්දි ගෙවයි

Admin

ගිනි අවියක් සමග දකුණේ සංවිධානාත්මක අපරාධකරුවෙක් අත්අඩංගුවට

colombotoday

නිරෝධායන ඇඳිරි නීතිය උල්ලඝනය කල තවත් 646 ක් අත්අඩංගුවට

colombotoday