Colombo Today Local News

විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපොළ විවෘත කිරීමට ජනපතිට යෝජනා

රට යථා තත්වයට පත්වෙමින්අති නිසා අගෝස්තු 01 දින සිට විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපොළ විවෘත කර තැබීමට කොවිඩ් මර්දන කාර්ය සාධක කමිටුව ජනාධිපතිතුමාට යෝජනා කරයි.
අප්‍රේල් මස 30වන දින සිට අද (26)දින දක්වා කොවිඩ් ආසාදිතයෙකු සමාජයෙන් හමු නොවීම රට ලැබූ ජයග්‍රහණයක් බව කමිටු සාමාජිකයෝ පෙන්වා දෙයි.
බිඳ වැටී ඇති සංචාරක කර්මාන්තය නගා සිටුවීමට ගතයුතු ක්‍රියාමාර්ග සහ සැලසුම් ගැන සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (26) දහවල් ජනාධිපති කාර්යාලයේ දී කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය රැස් විය.
සංචාරකයන් සඳහා රට විවෘත කිරීම අන්තර්ජාතික සහ දේශීය සෞඛ්‍ය උපදෙස් මත සිදු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. කල් ඇතිව සැලසුම් කිරීමෙන් සෙසු රටවල් අභිබවා ඉදිරියෙන් සිටීමේ හැකියාව පවතී. ප්‍රමුඛතා හඳුනා ගෙන සංචාරක සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ උපදෙස් විමසමින් ඉදිරි පියවර ගත යුතු බව ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.

පළමු අදියර යටතේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සහ අවන්හල් අභ්‍යන්තර පරිහරණය සඳහා (In house Dining) විවෘත කිරීමට තීරණය කෙරිණ. එහි ප්‍රගතිය අනුව ලියාපදිංචි නොකළ ආයතන සඳහා ද හමුදාවේ සහාය ඇතිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයෙන් ආපනශාලා විවෘත කිරීමට පියවර ගැනේ. සංචාරකයන් බහුල ප්‍රදේශවලට ප්‍රමුඛත්වය දෙමින් විදේශ භාෂා ප්‍රගුණ කළ විශේෂ පුහුණුවලත් පිරිසකගෙන් සමන්විත සංචාරක පොලීසි පිහිටුවීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

“සංචාරකයන් ආකර්ශණය කර ගැනීමේ දී ඔවුන්ගේ රුචිකත්වය අධ්‍යයනය කරන්න. ඇතැමෙක් වෙරළබඩ විවේකයට කැමතියි. තවත් අය කැමති පුරාවස්තු හා වනජීවින් නරඹන්න. සමහරෙක් උනන්දු වන්නේ තේ වතු බලන්න. ඒ අනුවයි සංචාරක ප්‍රවර්ධන සැලසුම් සකස් කළ යුත්තේ” ජනාධිපතිතුමා කීය.
සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත් මහත්මීහූ සහ කොවිඩ් මර්දන කාර්ය සාධන බලකායේ නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

Related posts

GSP+ බදු සහනය 2023 දක්වා ලබා දෙන බව යුරෝපා සංගමය කියයි

colombotoday

රෝයල් පා‍ර්ක් නඩුවේ ජනාධිපති සමාවට මැදිහත් වූ නීතීඥවරිය මාලිමා වේදිකාවේ

Admin

වරාය නගර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකට

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වු ‘ඉමා’ STF අත්අඩංගුවට

Admin

බොර තෙල් මිල පහළ යයි

Admin

කොළඹ වරායේ වෘත්තිය සමිති අරගලයට ත්‍රිකුණාමලය වරාය සේවකයෝත් එක්වෙති

colombotoday