Colombo Today Local News

විදුහල්පතිවරයෙකුගෙන් ලක්ෂ 202ක් ලබා ගැනීම : පොලිස්පතිගෙන් පැය තුනක් ප්‍රශ්න කරයි

මහනුවර ති‍්‍රත්ව විදුහලේ හිටපු විදුහල්පතිවරයාගෙන් රුපියල් ලක්ෂ 202 මුදලක්  ලබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ඉදිරිපත් වි ඇති චෝදනා පිළිබඳව විමර්ශනය කිරිම සඳහා පත්කළ  ති‍්‍රපුද්ගල කමිටුව අද (28)  පොලිස්පතිවරයාගෙන් පැය තුනට ආසන්න කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කර ගත් බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවසීය.

මෙම ති‍්‍රපුද්ගල කමිටුව  කළ කැදවීම අනුව පොලිස්පතිවරයා අද පෙරවරු 9.00 ට පමණ එහි පැමිණ තිබේ. පොලිස්පතිවරයා මෙම කමිටුව හමුවේ පෙනී සිටි පළමු අවස්ථාව මෙය විය.

දහවල් 12.00 දක්වා පැය තුනකට ආසන්න කාලයක්  කමිටුව  පොලිස්පතිවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඔහුගෙන් දීර්ඝව කරුණු විමසා ඇතැයිද නියෝජ්‍ය අමාතයවරයා සඳහන් කළේය.

Related posts

ශ්‍රීලනිප පුංචි මන්ත්‍රීන් 1400ක්, මහින්දගෙන් වචනයක් ඉල්ලා හෝටලයේ බිම ඉදගනී!

colombotoday

විනිසුරු දියණියන් දෙදෙනා විශාකාවට ඇතුලත් කරනු! – ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

colombotoday

සූරියවැව රෝහලෙන් සැකකටයුතු කාන්තා මළ සිරුරක් හමුවෙයි

Admin

අපිට සල්ලි දෙන්නෙ ඩයස්පෝරාව තමයි

Admin

මන්දපෝෂණය වැඩිම රටවල් ලැයිස්තුවේ ලංකාවට ලැබුණු තැන මෙන්න

colombotoday

ආණ්ඩුවේ අසාර්ථකත්වය නිසා මාධ්‍යයට චණ්ඩිපාට් දානවා

Admin