අතුරලියේ රතන හිමියන්ගේ මන්ත්‍රීධූරය අහිමිකිරීම සදහා චම්පික රණවක ඇමතිවරයා සහ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ඇතුළු පිරිසක් කුමන්ත්‍රණය කිරීම මුල් කරගෙන රතන හිමි සහ චම්පික රණවක මහතා කලක සිට විරසක වී සිටින අතර පසුගියදා නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාගේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පරාජය වීමත් සමග එම විරසකය තවත් උග්‍ර වී ඇත.
බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යා නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාගේ අමාත්‍යාංශ වැය ශීර්ෂය පරාජයට පත්කිරීමට මූලිකවම කටයුතු කළේ අතුරලියේ රතන හිමි ඇතුළු කිහිපදෙනෙක් බව මේ වන විට අනාවරණය වෙමින් පැවතීම එම විරසකය දුරදිග යෑමට හේතුවී තිබෙන බවයි හෙළ උරුම අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් අප වෙත වාර්තා වන්නේ.
රතන හිමි පාර්ශවයෙන් මෙම ප්‍රහාරය එල්ල කිරීම සදහා ජනපතිවරයා ද සිය සමීප හිතවතකු වන බස්නාහිර පළාත් සභාවේ මහ ඇමති ඉසුර දේවප්‍රිය හරහා සහාය දී ඇති බව හෙළිව ඇතැයිද එම ආරංචි මාර්ග වැඩි දුරටත් colombotoday.com අනාවරණය කර සිටියා.