Colombo Today Local News

වර්ණසිංහ පඹගාලක පැටලිලා.. ඔහු ගොඩගන්න සමතෙක් හෙළ උරුමයේ නෑ.. කණගාටුයි – ගම්මන්පිල

gammanpila warnasingheබස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පරාජයට පත්වීමට මූලික හේතුව වූයේ නවක ඇමතිවරයෙකු වන නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාට උපදෙස් ලබාදීමට තරම් සුදුසු පුද්ගලයෙකු ජාතික හෙළ උරුමය තුළ නොමැති නිසා බව පිවිතුරු හෙළ උරුමයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (28) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

මේ මොහොතේ හෝ වර්ණසිංහ මහතාට නිවැරදි උපදෙසක් ලැබුණහොත් ඔහු මුහුණපා ඇති ගැටලුවෙන් නිදහස් වීමට හැකියාව තිබෙන බවද ගම්මන්පිල මහතා සදහන් කළේය.

“එතුමාට අත්දැකීම් නොමැති නිසයි මේ අර්බුදයට මුහුණපාලා තියෙන්නේ. අවාසනාවට මෙවැනි අර්බුද වලින් ගොඩයන විදිය කියල දෙන්න ජාතික හෙළ උරුමයේ කවුරුත් නැති එතුමා පඹ ගාලක පැටලිලා. බහුතරයක් අස්වෙන්න කියද්දී අස්නොවි ඉන්නේ. මම කනගාටුවෙනවා ඇමතිධුරයේ ඉතාම කෙටිකාලයක් ඉද්දි මෙවැනි අර්බුදයකට මුහුණදීම ගැන. මම මේ ගැන කතාකරන්න කැමති වුණේ නැත්තේ එතුමා මට දිගින් දිගටම පහුගිය කාලේ පහර දුන්නු නිසයි” යනුවෙන් හෙතෙම පවසා සිටියේය.

Related posts

නාමල් අත්අඩංගුවට?

Admin

අගමැති ඉල්ලා අස්වූ පසු සර්ව පාක්ෂික ආණ්ඩුවකට සූදානම්

colombotoday

කොරෝනා පාලනය කරගත නොහැකි වුවහොත් කතෝලික පාසල් සියල්ල වසා දමනවා

colombotoday

රෝ ඔත්තු සේවයට සම්බන්ධ ඇමතිලා හතරක් යහපාලන කැබිනට්ටුවේ…

colombotoday

ජීවිත තුනකට ජීවය දී හදවත, වකුගඩු පූජාකර මෙලොවින් සමුගත් ප්‍රදීප්ගේ කතාව !

colombotoday

රුපියල ඓතිහාසික බාල්දුවක.. ඩොලරයි රු 174 පසු කරයි…

colombotoday