Colombo Today Local News

වයඹ මිනුවන්ගොඩ ප්‍රචණ්ඩ ක්‍රියා පසුපස දේශපාලන ප්‍රබලයන්..- බුද්ධි අංශ රජයට කියයි..

මෑතකදී වයඹ පලාතේ ස්ථාන කිහිපයක හා මිනුවන්ගොඩ ප‍්‍රදේශයේදී සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කර ඇත්තේ සංවිධානාත්මකව පිරිස් විසින් බවත් ඒ පිටුපස දේශපාලන ප්‍රබලයන් සිටින බවටත් රාජ්‍ය බුද්ධි අංශ විසින් දන්වා ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

මෙම ක‍්‍රියාවන්හි අරමුණ වෙසක් උත්සවය කඩාකප්පල් කිරීම බවද දැනුම් දී තිබේ.

මෙම ප‍්‍රචණ්ඩ කි‍්‍රියා සිදු කර ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන බෝම්බකරු වන සහරාන්ගේ බිරිඳගේ ගම් ප‍්‍රදේශය හෙට්ටිපොළද ඉලක්ක කර ඇත්තේ ඉතා හොඳින් සංවිධානය වී යයිද වැඩිදුරටත් දක්වා ඇත.

‍‍මේ අතර එම ප්‍රහාරවලට පැමිණි පිරිස් පිට ප්‍ර දේශවලින් ගෙන්වූ මැරයන් බවට එම ප්‍ර දේශවාසීන් පවසන අතර, මුස්ලිම් සිංහල බෙදයකින් තොරව සියළුම වෙලදසැල්වලට පහර දී ඇති බවද සදහන් කරයි. මේ හේතුවෙන් සිංහල හිමිකාරිත්වයක් සහිත ව්‍යාපාරික ස්ථානද විශාල ප්‍රමාණයක් කඩා බිද දමා ඇති බවද වාර්තා වෙයි.

Related posts

IOC ඉන්ධන මිල පහල යයි

colombotoday

අනු නාහිමිගේ ප්‍රකාශය ප්‍රඥාවන්තයන්ටයි…හිට්ලර් කතාවෙන් පොට පටලවාගත් දේශපාලකයන්ට ගෝඨා පිළිතුරු දෙයි

colombotoday

ඇමෙරිකානු හමුදාවට මෙහි එන්න පාස්පෝට් ඕනෑ නෑ

colombotoday

දේශීය ශාකසාර සංඝටක 21කින් සැකසූ මුව ආවරණයක්

colombotoday

පොළොන්නරුව නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Admin

පළාත් කිහිපයකට අදත් වැසි

colombotoday