Colombo Today Local News

ලක්ෂ තුනහමාරක් වටිනා සොරාගත් රන් මාලය ගිලලා..

කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් පැහැරගෙන එය ගිල දැමු සැකකරුවෙකු එළඹෙන 21වන දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැටන් වැඩ බලන මහෙස්ත්‍රාත් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය අද (08)දින නියෝග කළාය.

එමෙන්ම, ඔහුව බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර උදරයේ රැඳී ඇති රන් මාලය පිටතට ගෙන එය වැඩිදුර පරික්ෂණ සඳහා හැටන් පොලීසිය වෙත භාරදීමට ද නියෝග කර තිබේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ හැටන් ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.

හැටන් තරුණ බෞද්ධ සමිතියට පිවිසෙන මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙල බැඳි රුපියල් ලක්ෂ තුනහමාරක් පමණ වටිනා රන්මාලය අද පෙරවරුවේ මෙම සැකකරු විසින් පැහැරගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් හැටන් පොලීසියට ලද පැමිණිල්ලක් මත අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් ස්වර්ණාභරණ උකසට ගන්නා වෙළෙඳසැල්වලින් ඒ පිළිබඳ තොරතුරු විමසා ඇත.

එහිදි සැකකරු පිළිබඳව තොරතුරු අනාවරණය කරගත් පොලීසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

පොලිස් නිලධාරින් සැකකරුව ලුහුබැඳි අවස්ථාවේ දී ඔහු එම රන් මාලය ගිල දමා තිබේ.

පසුව පොලිස් නිලධාරින් විසින් ඔහුව දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර එක්ස්රේ ඡායාරූප ගෙන පරික්ෂා කර ඇත.

එහිදි ගිල දැමු රන්මාලය ඔහුගේ උදරයේ රැදි තිබෙන බව සොයාගෙන තිබේ.

Related posts

මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයින් 354 දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

ආණ්ඩුවේ අසාර්ථකත්වය නිසා මාධ්‍යයට චණ්ඩිපාට් දානවා

Admin

යහපාලන ගොනා බුද්ධාගමටත් අනී – සුද්දා 1815දීවත් නොකළ ද්‍රෝහීකමකට අර අදී

colombotoday

රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා සෑම රෝගියෙකුටම බිල් පතක්…

colombotoday

චීන පොහොර නැව අනිවාර්යෙන්ම ආයෙත් ලංකාවට එනවා

colombotoday

හරීන් අගරදගුරුට අපහාස කිරීම මංගල අගයයි

colombotoday