Colombo Today Local News

ලංකාවේ කාන්තා ජනගහනය පිරිමින්ට වඩා දහ අට ලක්ෂයකින් වැඩිවෙයි. සෑම කාන්තාවන් හත් දෙනෙකුගෙන් කෙනෙකුට පිරිමියෙක් නැතිලු

hhh

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් පිරිමින්ට වඩා කාන්තාවන් 18,17,000 කින් වැඩි බව නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

කෙසේවෙතත් මෙය බරපතළ සමාජ ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවයි ඒ පිළිබඳව අධ්‍යනය කෙරූ කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනය පෙන්වා දෙනවා.

මෙරට ජනගහනයෙන් සියයට 46ක් එනම් 10,445,000ක් පිරිමි වන අතර සියයට 54 ක් 1,22,62,000 ක් කාන්තාවන් වෙනවා. මේ අනුව සෑම කාන්තාවන් සත් දෙනකුගෙන් එක් අයකුට පිරිමියෙක් නැති බවද පැවසෙනවා.

පිරිමි ගහනය අඩුවී ස්ත්‍රී ගහනය සියයට 8 කින් ඉහළ යෑම නිසා විවාහ වීම, රැකියා ලබා ගැනීම, පවුල් ආරවුල්, මානසික ආබාධ ඇතුළු ප්‍රශ්න ගණනාවක් නිර්මාණය වී ඇති බවද එම ආයතනය කියයි.

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව වැඩිවීම නිසා පුරුෂ ගහනයට වඩා ස්ත්‍රී ගහනය වැඩිවී ඇති බවත් මත්පැන්, මත්ද්‍රව්‍ය, දුම්වැටි, ආහාර අවභාවිතය වැනි හේතු නිසා මෙන්ම හෘදයාබාධ, දියවැඩියාව වැනි බෝ නොවන රෝග හේතුවෙන් පුරුෂයන්ගේ ආයු කාලය අඩුවීමද එවැනි තත්ත්වයන්ට මුහුණදීමට කාන්තාවන්ට ඇති ඉඩ ප්‍රස්තාව අඩුවීම නිසා ඔවුන්ගේ ආයු කාලය පුරුෂයන් ඉක්මවා යෑමත් කාන්තා ගහනය වැඩිවීමට හේතු වී ඇති බව පර්යේෂණවලින් අනාවරණය වී තිබෙනවා.

Related posts

කටුනායකදී පළා ගිය කොවිඩ් ආසාදිතයා සොයා ගනී

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකුට අයත් අනවසර ඉදිකිරීමක් කඩා ඉවත් කරයි

Admin

ශ්‍රීපාදය හලාල් කරන්න සූදානම්.. සෞදි රජුගේ අරමුදලින් එටිසලාට් ශ්‍රීපාද රක්ෂිතය අල්ලයි !

colombotoday

6 වසර සිසුන්ගේ අභියාචන අයැදුම් පත් භාර ගැනීම මාර්ගගත ක්‍රමයට ඇරඹේ

Admin

ජනපති අපේක්ෂකයා නම් කිරීමට ප්‍රථමව මෛත්‍රී – මහින්ද රහසේ සාකච්ඡාවක.

colombotoday

රුසියාවෙන් ඉන්ධන ගන්නැයි පක්ෂ 12ක් ජනපතිගෙන් ඉල්ලයි

colombotoday