Colombo Today Local News

ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන මධ්‍යස්ථානයට STF ආරක්ෂාව ඉල්ලයි

ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන ඒකකයේ ආරක්ෂාව වහාම ක්‍රියාත්මකවන පරිදි තර කරන ලෙස විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

ඒ අනුව දැනට පද්ධති පාලන මධ්‍යස්ථානයේ ආරක්ෂාව සදහා යොදවා සිටින නිලධාරීන්ට අමතරව විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යෙදවීම සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න දැනුවත් කර තිබේ.

සමස්ත දිවයිනටම බලපාන අයුරින් පසුගියදා හදිසියේ සිදුවූ විදුලි බිදවැටීම පිළිබදව කරුණු සොයා බැලීම පිණිස, විෂයභාර අමාත්‍යවරයා ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන ඒකකයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට සහභාගීවූ අවස්ථාවේදී මෙම උපදෙස් දී ඇත.

සමස්ත දිවයිනේම විදුලිබල සැපයුමේ ස්ථායිතාවය සුරැකෙන ප්‍රධානතම ස්ථානය වන පද්ධති පාලන මධ්‍යස්ථානය නිරන්තරයෙන් සුරක්ෂිත වියයුතු අතර රටේ අඛණ්ඩ විදුලි සැපයුම සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක හා සංවේදී මධ්‍යස්ථානයක් නිසි අයුරින් රැකගැනීම ජාතික වගකීමක් බවත් විෂයභාර අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියා.

Related posts

අලුත් ආණ්ඩුවෙන් අලුත් බදු

Admin

කෙසෙල් ඇවරිය ජනාධිපතිවරණයට. අපේක්ෂකයා සජිත්?

colombotoday

හිටි හැටියේ පොසිටිව් එක නෙගේට්ව් වෙන්නේ නෑ. ඇමති අලි සබ්‍රිගේ නැන්දා ගැන සත්‍ය හෙළි කරන්න. | රසායනාගාර වෘත්තීයවේදීන් රජයට කියයි.

colombotoday

රනිල්ට අගමැතිකම දෙන්න තරම් මොළේ අමාරුවක් නැහැ…

colombotoday

ඩීසල් බෙදාහැරීම් ඇරඹෙයි

colombotoday

යහපාලන නාට්‍යකරුවෝ රාජ්‍ය නාට්‍ය උළෙල මැදට පනී.. ‘වෙනස පීචං’ කියා වේදිකාවේ විරෝධය පායි

colombotoday