Colombo Today Local News

රියදුරු බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කරයි

මේ වසරේ මාර්තු 16 සහ ජුනි 30 වන දා දක්වා කාලය තුළදී වලංගු කාලය අවසන් වන සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාලය එය අවසන්වීමට නියමිත දිනයේ සිට මාස 6 කින් දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

2020 ජූලි මස පළමුවන දා සිට සැප්තැම්බර් 30 වන දා දක්වා කාලය අතරතුර වලංගු කාලය අවසන් වන සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාලය එය අවසන් වන දිනයේ සිට මාස 3 ක කාලයකින් ද දීර්ඝ කර තිබේ.

මෙම නියමයන් ඇතුළත් ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී. අලහකෝන් මහතා ප්‍රකාශ කරයි.

Related posts

ජනපතිට එරෙහිව නිව්යෝක් නුවර උද්ඝෝෂණ… ශ්‍රී ලංකාව ත්‍රස්තවාදී රාජ්‍යක් ලෙස නම් කරන්න ඉල්ලයි…

colombotoday

අමෙරිකානු රජය ජාත්‍යන්තර අපරාධ අධිකරණ විනිසුරුවරුන්ට සම්බාධක පනවයි

Admin

පොලිසියට බෝම්බ ගහන්න ගිය “ටින්කර් ලසන්ත” වෙඩි කයි

colombotoday

පොලිස් ඇමතිගේ පුතාට ගැසූ දඩය පොලිසිය ගෙවා ලයිසන් එක අතටම ගෙනත් දීලා.

Admin

මගේ මතය ජනතාව පිළිගන්නවා.. මට ඡන්දෙ දෙන්නේ ඒනිසයි – රාජිත

colombotoday

කරුණා මරා දැමීමේ තැතක් නූලෙන් වැළකේ.. හිටපු කොටි ප්‍රබලයා බඩුත් එක්කම මාට්ටු !

colombotoday