Colombo Today Local News

රාජිතගෙන් යළිත් අපේක්ෂිත ඇප අයැදුම්පතක්

සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමා අත්අඩංගුවට ගැනීම වළක්වමින් ඇප මත මුදාහරින්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නැවත අපේක්ෂිත ඇප අයැදුම්පතක් අද(20) අධිකරණයට ඉදිරිපත් කර ඇත.
 
ලබන සඳුදා(23) එම ඉල්ලීම සළකා බලන ලෙසට එම අයැදුමෙන් ඉල්ලා ඇත.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ(19) හිටපු අමාත්‍යවරයා අධිකරණය හමුවේ ඉදිරිපත් කළ අපේක්ෂිත අයැදුම්පත අද(20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ප්‍රතික්ෂේප කරනු ලැබීය.

ඒ අත්අඩංගුවට ගැනීම කුමන  වරදක් මත සිදුකරයිද යන්න පැහැදිලිව පෙත්සමේ සඳහන් කර නොමැති වීම හේතුවෙනි.

Related posts

ඇඳිරි නීතිය පනවා තිබියදී අත්අඩංගුවට ගත් වාහන නැවත හිමිකරුවන්ට ලබාදීමට තීරණයක්

colombotoday

මුස්ලිම් මන්ත්‍රීවරුන් 08 දෙනෙකුගේ ඉල්ලා අස්වීමේ ලිපි ජනපති ලේකම් කාර්යාලයට.

colombotoday

ආහාර ප්‍රතිපත්ති කමිටුවට කැබිනට් අනුමැතිය

colombotoday

නාරාහේන්පිට ව්‍යාජ කච්චේරියක් වටලයි

Admin

අන්තවාදී සංවිධාන පිරිවරාගෙන එන්.එම් අමීන් පාස්කුව වෙනුවෙන් කතෝලිකයන්ට සුභ පතයි.

colombotoday

සතොස සහල් වර්ග තුනක මිල අඩුකරයි

Admin