Colombo Today Local News

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති උල්ලංඝනය කර පාසල් සිසු රක්ෂණය පෞද්ගලික සමාගමකට?

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති උල්ලංඝනය කරමින් සුරක්ෂා රක්ෂණ යෝජනා ක්‍රමය පෞද්ගලික රක්ෂණ සමාගමකට පැවැරීමට අධ්‍යාපන බලධාරීන් කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සේවකයන් පෙන්වා දෙති. ලෝක ළමා දිනය නිමිති කරගෙන පසුගිය වසරේ ඔක්තෝබර් පළවෙනිදා ආරම්භ කළ මෙම රක්ෂණ ක්‍රමයෙන් මෙරට පාසල් ශිෂ්‍යාවන් ලක්ෂ 45කට පමණ රක්ෂණාවරණය ලැබෙන බවද ඔවුහු පෙන්වා දෙති.

ශ්‍රී ලංකා රක්ෂණ සමාගම සමග ගිවිසුම්ගතව ආරම්භ කළ මෙම රක්ෂණ යෝජනා ක්‍රමයේ ගිවිසුම් කාලය 2018 ඔක්තෝබර් පළමු වැනිදායින් අවසන් වීමට නියමිතය. ශ්‍රී ලංකා රක්ෂණ සමාගම සමග ඇති මෙම ගිවිසුම අලුත් නොකර පෞද්ගලික රක්ෂණ සමාගම්වලින් මිල ගණන් කැඳවා මෙම රක්ෂණ යෝජනා ක්‍රමය පෞද්ගලීිකරණය කළහොත් 2015.07.19 දිනැතිව මුදල් අමාත්‍යාංශය නිකුත් කර ඇති අංක 4/2015 දරන මූල්‍ය චක්‍ර‍ලේඛය උල්ලංඝනය වන බවද ඔවුහු පෙන්වා දෙති.

Related posts

නව විදුලිබල පනත ගැසට් කරයි

Admin

රසායනික පොහොර, කෘමිනාශක , වල්නාශක ආනයනයට අද සිට අවසර

colombotoday

ජනපති පෞද්ගලික මුදලින් පාර්ලිමේන්තුවට ගෘහ භාණ්ඩ පරිත්‍යාග කළා

Admin

රඹුක්කන OIC, කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයාට සහ කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ස්ථාන මාරු..

colombotoday

මැතිවරණ කොමිසමෙන් පළාත් පාලන සහ සහකාර කොමසාරිස්වරුන්ට කැඳවීමක්

Admin

ජාතිය,ආගම මුල් කරගෙන කතා කරන්න නෛතික ඉඩක් තියන්නේ නෑ

colombotoday