Colombo Today Local News

රනිල්ද, කරුද, සජිත්ද… එජාප නායකත්වය පිළිබද තීරණාත්මක සාකච්ඡාව අද !

ඉදිරි මහ මැතිවරණය මෙහෙයවීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ නායකත්වයක් එක්සත් ජාතික පෙරමුණේ බහුතර කැමැත්ත මත අද (16දා) තෝරාගැනීමට නියමිතය.

ඒ සඳහා බොහෝදුරට ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ ආරංචිමාර්ග සඳහන් කළේය.

ඉදිරි මහ මැතිවරණය මෙහෙයවීම සඳහා එක්සත් ජාතික පක්‍ෂනායක රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය සහ විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සහ එක්සත් ජාතික පෙරමුණේ පක්‍ෂ නායකයන්ගෙන් සමන්විත නව නායකත්ව මණ්ඩලය පිහිටුවීමට රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්‍ෂයේ පිරිසක් යෝජනා කර තිබේ.

එමෙන්ම එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදිය යුතු බවට එක්සත් ජාතික පක්‍ෂයේ තවත් පිරිසක් යෝජනා කර ඇත. මන්ත්‍රී කණ්ඩායමට එක් යෝජනාවකට එකඟවීමට නොහැකි වුවහොත් ඡන්ද විමසීමක් මගින් බහුතර කැමැත්ත විමසීමට නියමිතව ඇති බවද එක්සත් ජාතික පක්‍ෂ ආරංචිමාර්ග සඳහන් කළේය.

එක්සත් ජාතික පෙරමණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම, එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේදී අද (16දා) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (16දා) අලුයම යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

මේ අතර සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ අද පැවැත්වෙන කණ්ඩායම් රැස්වීමට අනිවාර්යයෙන්ම සහභාගි වන ලෙස පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් එක්සත් ජාතික පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.

ජනාධිපතිවරණයට පසුව නොයෙක් මුහුණුවරින් කරළියට පැමිණි එක්සත් ජාතික පක්‍ෂ නායකත්ව අර්බුදය අද පැවැත්වෙන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමත් සමගම විසඳෙනු ඇතැයි හිටපු සභානායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

Related posts

විමල්ගෙන් වන්දි ඉල්ලා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍රගෙන් එන්තරවාසියක්

Admin

දින 113කට පසු සිසුන් සදහා පාසල් හෙට සිට විවෘතයි

colombotoday

මුතුරාජවෙල පරිසර සංවේදී කලාපයක් කළ ගැසට්ටුව බල රහිත කරන්නැයි පරිසරය සුරැකීමේ සංවිධානයකින් පෙත්සමක්

colombotoday

පාසල් චණ්ඩි ආරවුලකට සිසුවෙකුගේ කන කපලා

Admin

මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට..! ඉවත්වූ CEOගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

colombotoday

කෝටි ගණන් සහල් වංචා කළ අනුරාධපුර සතොස ගබඩා පාලිකාව රිමාන්ඩ්

Admin