Colombo Today Local News

රනිල් එළවීමේ සටනේ නායකත්වය චතුර බාරගනී

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාස භංග යෝජනාවට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගැනීමේ වගකීම ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා භාර ගෙන තිබේ.

ඒ අනුව එම විශ්වාස භංගයට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සන් ගැනීමේ මෙහෙයුම පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා ඊයේ (15) රාත්‍රියේ සිටම ආරම්භ කර ඇත.

චතුර සේනාරත්න මහතා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවකට ඊයේ (15) රාත්‍රියේ දුරකතනයෙන් කතා කර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවට අත්සන් කරන්න යැයි ඉල්ලා තිබේ.

ඒ එම ඉල්ලීමට එකඟ වී ඇති අදාළ මන්ත්‍රීවරුන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඒ මොහොතේම කර තිබෙන්නේ මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්වත් කිරීමය.

මේ අතර මේ විශ්වාස භංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගැනීමේ වගකීම සමෘද්ධි අමාත්‍ය එස් බී දිසානායක මහතා භාර ගෙන ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට කතා කරමින් අත්සන් එකතු කිරීමේ කටයුතු ඔහු මීට සුළු මොහොතකට පෙර ආරම්භ කළේය.

විශ්වාස භංගය සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සන් එකතු කිරීමේ වගකීම භාර ගෙන සිටින්නේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සහ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ යන මහත්වරුන්ය.

Related posts

ලොරි රථයකට කඩා වැටුණු අධි බලැති විදුලි රැහැන පුද්ගලයින් දෙදෙනෙකුට මරු කැදවයි

colombotoday

විරෝධතා පැවැත්වීමට ජනතාවට ඇති අයිතිය වැළැක්වීමට පියවර ගන්න එපා.. – ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයට අවධාරණය කරයි

colombotoday

තවත් ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා කරයි

colombotoday

මහර ගැටුම : රැඳවියන් මියගොස් ඇත්තේ වෙඩි වැදීමෙන්.. අධිකරණයේදී හෙළි වෙයි.

colombotoday

උපකාරක පන්ති සඳුදා සිට ඇරැඹේ

colombotoday

රටින් පැන්න ලඩියාගේ වත්කම් පොලිස් භාරයට

colombotoday